කුවේට් ගිය සංජී­වනී මවු රටට ආවේ කිහි­ලි­ක­රු­ව­ලින් | දිනමිණ

කුවේට් ගිය සංජී­වනී මවු රටට ආවේ කිහි­ලි­ක­රු­ව­ලින්

තම­න්ගේය කියා නිවෙ­සක් ඉදි­කර ගැනී­ම­ටත් දරු දෙදෙ­නාට අධ්‍යා­ප­නය ලබා­දිමේ අර­මු­ණින් ගෘහ සේවි­කා­වක වශ­යෙන් කුවේට් රටට ගිය හත­ළිස් හැවි­රිදි දෙදරු මවක් නිවැ­සි­යන්ගේ තාඩන පීඩන දරා ගත නොහැ­කිව නිවසේ දෙවැනි මහ­ලින් බිමට පැන පාද දෙකම බිදී ආබා­ධිත තත්ත්ව­යෙන් ආපසු ලංකා­වට පැමිණ සිටී. මේ අවා­ස­නා­වන්ත ඉර­ණ­මට මුහුණ දුන් මැල්සි­රි­පුර, ලිහි­ණි­ය­ගොල්ලේ කේ.එම් .සංජී­වනි කෝනාර මහ­ත්මිය මෙසේ පැව­සු­වාය. මගේ සැමි­යාට ස්ථිර රැකි­යා­වක් නැහැ. අපි දැනට ජිව­ත්වන්නේ ඥාති­යෙ­කුට අයත් නිවෙ­ස­කයි .අපිට අවු­රුදු දාහ­තක පුතෙ­කුයි, අවු­රුදු පහ­ළො­වක දුවෙ­කුයි ඉන්නවා. ඒ් දෙන්නට උග­න්ව­න්නත් ඕනෑ. අපේම කියල ගෙයක් හදා­ග­න්නත් ඕනෑ. ඒ නිසා විදේශ රැකියා නියුක්ති කාර්යාං­ශයේ ලියා­ප­දිංචි කුරු­ණෑ­ගල නියෝ­ජිත ආය­ත­න­ය­කින් 2018 මැයි 22 වැනි­දින කුවේට් රටේ ගෘහ සේවි­කා­වක වශ­යෙන් රැකි­යා­වට ගියා. ඒ් නිවෙස් හිමියා පොලිස් නිල­ධා­රි­යෙක්. ඒ අයට දරු­වන් හය දෙනෙක් ඉන්නවා. ඒ් අය මට කෑ වත් හරි­හැටි දුන්නේ නැහැ. මාව ගෙට දාල දොර­වල් වහල ඒ අය සතියෙ දෙකේ විනෝද ගමන් යනවා. බොහෝ දව­ස්වල මම බඩ­ගින්නෙ තමයි ඉන්නෙ. සම­හර දව­ස්ව­ලට කලන්තෙ හැදිල බිම වැටිල ඉන්නවා . දව­සක් කලන්තෙ හැදිල බිම වැටිල ඔළුව බිම වැදිල මට සිහි නැති­වුණා. ඒ වෙලාවෙ නිවසේ හිමි­කා­රිය මම මැරිලා කියල හිතලා ඒජ­න්සි­යට කතා­ක­රලා

කවුරු හරි එවන්න කියල තියෙ­නවා. පැය හත­ර­කට විතර පස්සෙ මට සිහිය ආවා. ඊට පස්සෙ ඒජ­න්සි­යෙන් ආපු නෝන කෙනෙක් මට පහර දීල අවු­රුදු දෙකක් වැඩ කරන බවට මගෙන් ලියු­ම­කට අත්සන් ගත්තා. නෝනා හව­සට මහ­ත්ත­යට කේලම් කිය­නවා. එත­කොට මහ­ත්තයා මට හොද­ටම පහර දෙනවා. මේ තාඩන පීඩන ඉව­සන්න බැරිම තැන මාව ආපහු ලංකා­වට ගෙන්න ගන්න කියල ගෙද­රට ලියුම් කීප­යක් දැම්මා. ඒත් වැඩක් වුණේ නැහැ. තව­දු­ර­ටත් මේ දුක දරා­ගන්න බැරි තැන ගෙද­රින් පැනලා යන්න හිතා­ගෙන තමයි ගෙදර දෙවැනි තට්ටු­වෙන් බිමට පැන්නෙ. මට සිහිය එන­කොට හිටියෙ ඒ රටේ රෝහ­ලක. මම දවස් තුනක් සිහි නැතුව ඉදලා තියෙ­නවා.

අන්ති­මේදී තානා­පති කාර්යා­ලය මට පිහිට වුණා. මාව ලංකා­වට ගෙන්න ගන්න හැම අතින්ම උදව් කළේ මහා­මාර්ග හා මාර්ග සංව­ර්ධන රාජ්‍ය අැමැති රන්ජන් රාම­නා­යක මහ­තායි. ඒ් මහතා ඇතුළු කාර්ය මණ්ඩ­ල­යට මම බෙහෙ­වින් ස්තුති­වන්ත වෙනවා. අද මට කිහි­ළි­ක­රු­ව­ලි­න්වත් හරි­හැටි ඇවි­දින්න බැහැ. මගෙ සිහින සියල්ල බොද­වුණා. මට හරි­හැයි වන්දි­ය­ක්වත් ලැබුණේ නැහැ. විදේශ රැකියා නියුක්ති කාර්යාං­ශය මගේ අස­රණ තත්ත්වය ගැන සලකා බලා මට කිසි­යම් සහ­න­යක් සල­සනු ඇතැයි මම බලා­පො­රොත්තු වෙනවා.

එම්.ඒ.ආර්.මනු­කු­ල­සූ­රිය -හිරි­යාල සමූහ

නව අදහස දක්වන්න