චීනය-රුසි­යාව ට්‍රම්ප්ට එරෙ­හිව කරට අත­දා­ගනී | දිනමිණ

චීනය-රුසි­යාව ට්‍රම්ප්ට එරෙ­හිව කරට අත­දා­ගනී

ධම්මික සෙනෙවිරත්න

චීන - රුසියා මිත්‍ර­ත්වය මෙලෙස ශක්ති­මත් වීම අමෙ­රි­කා­වට ‘නපුරු සිහි­න­යක්’ වී ඇති බව විචා­ර­ක­යන්ගේ අද­හ­සය. මුල්පෙළේ අමෙ­රි­කානු බුද්ධි සංචිත ප්‍රබ­ල­ය­කු වන ජිමී­කා­ටර් ජාතික ආර­ක්ෂක මධ්‍ය­ස්ථා­නයේ බිග්නිව් බ්‍රෙසින්ස්කි වැනි අය පව­සන පරිදි, එය අති­ශ­යින්ම භයා­නක සන්ද­ර්භ­යකි. අමෙ­රි­කාවේ නව ආර­ක්ෂක උපා­ය­මා­ර්ගික තක්සේ­රු­ව­ලදී චීන-රුසියා සබ­ඳ­තා­වන්ට ලැබී ඇත්තේ විශාල බරකි. චීන-රුසියා මිත්‍ර සබ­ඳතා අති­ශ­යින් ශක්ති­මත්ව ගොඩ­නැ­ඟී­මට ෂී ජිංග් පිංග් හා විල­දි­මීර් පුටින් නායක දෙපළ අතර ගොඩ­නැඟී ඇති මිත්‍ර­ත්වය ද බෙහෙ­වින් බලපා තිබේ.

චීනය සහ අමෙ­රි­කාව අතර ආර්ථි­කය ඇතුළු පෙර­මුණු කිහි­ප­යක් ඔස්සේ උණු­සුම් බවක් ඇතිව තිබි­යදී චීනය සහ රුසි­යාව අතර සබ­ඳ­කම් ශක්ති­මත් වෙමින් තිබේ. පසු­ගි­යදා රුසි­යා­වේදී පැවැති ශාන්ත පීට­ස්බර්ග් අන්ත­ර්ජා­තික ආර්ථික සංසද (SPIEF) සමු­ළු­වට සහ­භා­ගි­ වී­මට පැමිණි චීන ජනා­ධි­පති ෂී ජිංග් පිංග් ගේ සංචා­ර­යෙන්ද ඒ බැව් පැහැ­දි­ලි­විය. චීන - රුසියා සබ­ඳ­කම් මෙලෙස ශක්ති­මත් වන්නේ රුසි­යාව සහ අමෙ­රි­කාව අතර ද යම් පෙර­මුණු ඔස්සේ උණු­සුම් බවක් ඇතිව තිබි­ය­දීය. ඇතැම් විශ්ලේ­ෂ­ක­යන් පෙන්වා­දෙන පරිදි, ඉති­හා­සයේ අන් කවර අව­ස්ථා­ව­ක­දී­ටත් වඩා චීන - රුසියා සබ­ඳතා වර්ත­මා­න­යේදී ශක්ති­මත්ය. චීනය අද­ව­න­විට රුසි­යාවේ විශා­ල­තම වෙළෙඳ හවු­ල්ක­රු­වාය. දෙරට අතර 2018 වස­රේදී වෙළෙ­ඳාම ඇ. ඩොලර් බිලි­යන 100 ඉක්ම­වී­මෙන් එය සනාථ වේ. දෙරට විසින්ම මෙම සබ­ඳතා හඳුන්වා ඇත්තේ “අව­බෝ­ධා­ත්මක උපා­ය­මා­ර්ගික සහ­යෝ­ගි­තා­වක්” ලෙසය. එය ඇතැම් විචා­ර­ක­යන් හඳු­න්වා­දෙන්නේ දෙර­ටම ‘ඒකා­බද්ධ බල­වේ­ග­යක්’ ලෙස ක්‍රියා­ක­ර­න්නේය යනු­වෙනි. ආර්ථි­ක­යට අම­ත­රව යුද­මය වශ­යෙන් ද චීනය සහ රුසි­යාව අතර ඉති­හා­සයේ අන් කවර කලෙ­කත් නොවූ විරූ තරමේ සහ­යෝ­ගි­තා­වක් ගොඩ­නැඟී ඇති බව ඔවුහු පෙන්වා දෙති. දෙරට අතර ආයුධ වෙළෙ­ඳාම මෙන්ම ඒකා­බද්ධ හමුදා අභ්‍යා­ස­ව­ලින් ද එය පැහැ­දි­ලිවේ. මොස්කව් නුවර පිහිටි කානගී මධ්‍ය­ස්ථා­නයේ පර්යේ­ෂ­ක­යකු වන දිමිත්‍රි ට්‍රෙනින් චීන - රුසියා සබ­ඳතා හඳු­න්වා­දෙන්නේ බල­වත් රට­වල් අතර ගොඩ­නැ­ඟෙන භව­රු­තා­වන්ට අදා­ළව “නව මොඩ­ල­යක්” ලෙසය.

නපුරු හීනය

චීන - රුසියා මිත්‍ර­ත්වය මෙලෙස ශක්ති­මත් වීම අමෙ­රි­කා­වට ‘නපුරු සිහි­න­යක්’ වී ඇති බව විචා­ර­ක­යන්ගේ අද­හ­සය. මුල්පෙළේ අමෙ­රි­කානු බුද්ධි සංචිත ප්‍රබ­ල­ය­කුද වන ජිමී­කා­ටර් ජාතික ආර­ක්ෂක මධ්‍ය­ස්ථා­නයේ බිග්නිව් බ්‍රෙසින්ස්කි වැනි අය පව­සන පරිදි, එය අති­ශ­යින්ම භයා­නක සන්ද­ර්භ­යකි. අමෙ­රි­කාවේ නව ආර­ක්ෂක උපා­ය­මා­ර්ගික තක්සේ­රු­ව­ලදී චීන - රුසියා සබ­ඳ­තා­වන්ට ලැබී ඇත්තේ විශාල බරකි.

චීන - රුසියා මිත්‍ර සබ­ඳතා අති­ශ­යින් ශක්ති­මත්ව ගොඩ­නැ­ඟී­මට ෂී ජිංග් පිංග් හා විල­දි­මීර් පුටින් නායක දෙපළ අතර ගොඩ­නැඟී ඇති මිත්‍ර­ත්වය ද බෙහෙ­වින් බලපා තිබේ. චීන - රුසියා එක­මු­තුව චීන - රුසි­යානු කේන්ද්‍රීය ලෝක රටා­වන් ගොඩ­න­ඟනු ඇතිද යන්න මේ වන­විට ඇතැම් විශ්ලේ­ෂ­ක­යන්ගේ අව­ධා­න­යට යොමුව ඇති කාර­ණ­යකි.

යුරේ­ෂි­යානු ආර්ථික සංග­ම­යට එරෙ­හිව චීනය නිර්මා­ණය කර­මින් ඇති නව සමු­දුරු සේද මාවත වැනි ව්‍යාපෘති මඟින් පළ­වෙ­මින් ඇත්තේ එය බව ඔවුන්ගේ අද­හ­සය. ශාන්ති­කර කලා­පය තුළ දෙර­ටම සක්‍රී­යව සිටින අතර රුසි­යාව අයත් ආක්ටික් කලා­ප­ය­ටද චීනය පිවි­සෙ­මින් සිටී. දෙරට අතර අන්‍යෝන්‍ය සහ­යෝ­ගි­තාව දෙර­ටම ප්‍රති­ඵ­ල­දායී බව දැනට පැහැ­දිලි වෙමින් ඇත.

චීන ජනා­ධි­පති ෂී සිය රුසි­යානු සංචා­ර­යේදී පුටින් හඳුන්වා දුන්නේ සිය “හොඳම මිතුරා” ලෙසය. අමෙ­රි­කාව සහ බට­හිර බල­ව­තුන් විවිධ කාරණා මත පද­නම් වෙමින් මේ දෙර­ට­ටම බල­පෑම් හා කෙණ­හි­ලි­කම් කරන පසු­බි­මක ඔවුන් එකි­නෙකා සමඟ දැඩි මිත්‍ර­ත්ව­යක් ගොඩ­නඟා ගැනී­මට සමත්වී සිටින බව පැහැ­දි­ලිය. එය බල­පාන්නේ දෙර­ටට පම­ණක් නොවීම වැද­ගත්ම කාර­ණ­යයි. අමෙ­රි­කාව සහ බට­හිර බල­ව­තුන්ට පම­ණක් නොව සමස්ත ලෝක­ය­ටම එම එක­මු­තුව බල­පෑම් සහ­ග­තය.

සෝවි­යට් සංග­මය බිඳ­වැ­ටී­මත් සමඟ ‍අමෙරි­කාව සහ බට­හිර රට­වල් අත­ළො­ස්සක් විසින් හසු­රු­වනු ලැබූ ලෝක රටාව වෙනු­වට ඊට එරෙහි බල කේන්ද්‍ර කිහි­ප­යක් යළි කර­ළි­යට පැමි­ණෙ­මින් ඇති අයුරු පැහැ­දිලි වෙමින් ඇත.

චීන ජනා­ධි­පති ෂී ජිංග් පිංග් මේ වර්ෂයේ කළ පළමු රුසි­යානු සංචා­රය මෙයය. ඔහුම ප්‍රකාශ කළ පරිදි, ගතවූ සය­ව­සර තුළ ඔහු සහ පුටින් 30 වතා­වක් පමණ මුණ­ගැසී තිබේ. චීන ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ තමා වැඩි­යෙන්ම සංචා­රය කළ රටද රුසි­යාව බවය. “පුටින් මගේ හොඳම මිතුරා, මෙන්ම සගයා...” යැයි ඔහු පැව­සුවේ අති­ශ­යින් ළෙන්ග­තු­වය. ඊට ප්‍රති­චාර දක්ව­මින් ජනා­ධි­පති පුටින් කියා සිටි­යේද චීන - රුසියා මිතු­රු­කම් අන­පේ­ෂිත තරම් ඉහළ මට්ට­ම­කට ළඟාවී ඇති බවය. “එය ගෝලීය සම්බ­න්ධ­තා­වක්. උපා­ය­මා­ර්ගික සහ­යෝ­ගි­තා­වක්...” යනු­වෙන් ජනා­ධි­පති පුටින් හඳුන්වා ඇත.

චීනය, රුසි­යාවේ විශා­ලම වෙළෙඳ හවු­ල්ක­රුවා වන­විට රුසි­යාව, චීනයේ දස­වැනි විශාල වෙළෙඳ හවු­ල්ක­රු­වාය. රුසි­යාවේ සිට චීන­යට යවනු ලබන අප­න­ය­න­ව­ලින් වැඩි‍කො­ටස නිමි භාණ්ඩ නොව අමු­ද්‍ර­ව්‍යය. බල­ශ­ක්ති­යට සම්බන්ධ දෑ ඉන් ප්‍රධා­නය. චීන­යෙන් රුසි­යා­වට අප­න­ය­නය කරන දෑ අතර වැඩි­ව­ශ­යෙන්ම ඇත්තේ යන්ත්‍ර­ සූත්‍ර ආදී උපාංග මෙන්ම පාරි­භෝ­ගික භාණ්ඩය.

රුසි­යාව හා චීනය යාක­ර­මින් ඉදි­වන නල මාර්ගය මේ වර්ෂය තුළදී අව­සන් වීමට නිය­මි­තය. එහි වටි­නා­කම ඇ. ඩොලර් බිලි­යන 400ක් පමණ වේ. මගී ගුව­න්යානා ඉදි­කි­රීම ද ඇතු­ළුව වෙනත් යටි­තල පහ­සු­කම් නැංවීමේ ව්‍යාපෘති ගණ­නා­වක් ද ක්‍රියා­ත්ම­කය. 2017 වස­රේදී රුසි­යාවේ ඍජු චීන විදේශ ආයෝ­ජන ඇ. ඩොලර් මිලි­යන 140ක් විය. විශේ­ෂ­යෙන් රුසි­යාවේ බයි­කාල් විල ආශ්‍රිත ප්‍රදේ­ශයේ චීන සමා­ගම් විශා­ල ­ව­ශ­යෙන් ආයෝ­ජන කර තිබේ. මේ තත්ත්වය එහි පරි­ස­ර­යට බල­පෑ­මක් ඇති­ක­රනු ඇතිද යන කාර­ණය පිළි­බඳ පරි­ස­ර­වේ­දීන්ගේ අව­ධා­නය යොමුව ඇත. කෙසේ­වු­වද, මේ සෑම සාධ­ක­ය­කින්ම පිළි­බිඹු වන්නේ චීන - රුසියා මිත්‍ර­ත්වය හුදු වද­න්ව­ලට සීමා නො‍වී සැබෑ මිත්‍ර­ත්ව­යක් දක්වා ගොඩ­නැඟී ඇති අයු­රුය. තමන්ට එරෙ­හිව නැඟී සිටින ඕනෑම පොදු සතු­ර­කුට එරෙ­හිව මේ දෙරට තනි බල­වේ­ග­යක් ලෙස පෙරට එනු ඇති බව ඉතා පැහැ­දිලි කාර­ණ­යකි.

පැන්ඩා ඩිප්ලෝමසි

අමෙ­රි­කාව ආසි­යාව දෙසට හැරෙ­මින් ඇත්තේ නිකම්ම නොවන බවද ඉතා පැහැ­දි­ලිය. ආසි­යානු කලා­පයේ පම­ණක් නොව ශාන්ති­කර කලා­ප­යේද චීන ආධි­ප­ත්‍ය­යක් ඇති­වීම අමෙ­රි­කාව රුස්සන්නේ නැත. චීන­යට බල­වත් වීමට ඉඩ නොතබා සිය ආධි­පත්‍ය එහි රැඳ­වීම අමෙ­රි­කාවේ උපා­ය­මා­ර්ගික අභි­ලා­ෂ­යය. දැන­ට­මත් එම කලා­පයේ රට­වල් කේන්ද්‍ර කර ගනි­මින් සිදු­වන ඇතැම් ව්‍යාපෘති හා වැඩ­පි­ළි­වෙළ පිටු­පස ඇති සැබෑ වුව­ම­නාව එය බව පැහැ­දිලි ය.

චීනය සහ රුසි­යාව දැන­ට­මත් එක­ඟවී ඇති පරිදි ඉදිරි කාල­යේදී දෙරට අතර ආර්ථික මෙන්ම මිලි­ට­රි­මය සහ­යෝ­ගි­තාව ද තව­දු­ර­ටත් ශක්ති­මත් වනු ඇත. ආර්ථි­ක­මය හා මිලි­ට­රි­මය කාර­ණා­ව­ලට සීමා නොවී “පැන්ඩා ඩිප්ලෝ­මසි” යනු­වෙන් ප්‍රකට චීනය පැන්ඩා­වුන් පරි­ත්‍යාග කිරීම මඟින් සංකේ­ත­වත් වුණු සබ­ඳ­තාද දැකිය හැකිය. මෙම සංචා­ර­යේදී ද මොස්කව් සත්ව­උ­ද්‍යා­න­යට චීනය අප්‍රේල් මාස­යේදී ලබා­දුන් පැන්ඩා පැට­වුන් දෙදෙ­නකු මහ­ජන දැක්මට විවෘත විය.

චීන - රුසියා රාජ්‍ය­තා­න්ත්‍රික මිත්‍ර­ත්වයේ 70 වෙනි සංව­ත්ස­රය සැම­රී­මද ජනා­ධි­පති ෂී ජිංග් පිංග්ගේ මොස්කව් සංචා­ර­යේදී සිදු­විය. එය 75 වෙනි වස­රට ලඟා­ව­න­විට දෙර­ටම අති­ශ­යින්ම සමීප ලෝක බල­ව­තුන් ලෙස ලෝක දේශ­පා­ලන ආර්ථික හා මිලි­ට­රි­මය සන්ද­ර්භය තුළ සිටී­මට බොහෝ ඉඩ තිබේ. මෙකී මිත්‍ර­කම් සංකේ­ත­වත් කර­මින් ඉකුත් වස­රේදී පම­ණක් චීන සංචා­රක‍යෝ මිලි­යන 1.7ක් රුසි­යාවේ සංචා­රය කළහ. රුසි­යාව චීනුන්ගේ ජන­ප්‍රිය ආක­ර්ෂ­ණීය සංචා­රක ගම­නා­න්ත­යක් බව ඉන් පැහැ­දි­ලිය.

පසු­ගි­යදා පැවැති ශාන්ත පීට­ස්බර්ග් අන්ත­ර්ජා­තික ආර්ථික සංසද සමු­ළු­වේදී ජනා­ධි­පති ෂී ජිංග් පිංග් අව­ධා­ර­ණය කළේ “ධර­ණීය සංව­ර්ධන න්‍යාය­ප­ත්‍ර­යක් යටතේ ඉදි­රි­යට යාමට අපේක්ෂා කරන බවය. මෙවර සමුළු තේමා­වද ඊට සම්බ­න්ධය. එම­ඟින් වත්මන් අධි­ප­ති­වාදී ලෝක රටා­වට චීනය අභි­යෝග කරන්නේ නම් නිසැ­ක­වම රුසි­යා­වද එතැන සිටිනු ඇති බව පැහැ­දි­ලිව පෙනෙ­න්නට තිබේ.


නව අදහස දක්වන්න