සෙනඟ පිරෙන බ්‍රසීලයේ පැණි රස කෞතුකාගාරය | දිනමිණ

සෙනඟ පිරෙන බ්‍රසීලයේ පැණි රස කෞතුකාගාරය

කාගේත් අවධානයට ලක් වූ තරමක් සුවිශේෂී ආකාරයේ කෞතුකාගාරයක් පිළිබඳ බ්‍රසීලයෙන් වාර්තා වෙයි. ලොකු කුඩා වයස් භේදයකින් තොරව විශාල පිරිසක් මේ වනවිටත් එය නැරඹීමට පැමිණෙමින් සිටින බවද වාර්තා වේ.

බ්‍රසීලයේ සාඕ පවුලෝ නුවර පිහිටි කෞතුකාගාරයක් ගැන මේ වන විට සමාජ මාධ්‍යවල ද විශේෂ අවධානයක් යොමු වී ඇත. එය හැඳින්වෙන්නේ ස්වීට් ආර්ට් කෞතුකාගාරය ලෙසයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි පැමිණෙන අමුත්තන් සතුටු වන ආකාරයට අතිවිශිෂ්ට ලෙස නිර්මාණය කර ඇති අයිස් ක්‍රීම් හා වර්ණවත් ස්වරූපයෙන් ප්‍රදර්ශනය කර ඇති පැණි රස කෑම වර්ගවලින් මේ කෞතුකාගාරය පිරී තිබීමයි.

මෙම කෞතුකාගාරය බ්‍රසීලයේ පළමු ස්වීට් කලා කෞතුකාගාරය ලෙස ද සුවිශේෂී වෙයි. මෙහි නිර්මාතෘ කාර්ලා සැන්ටොස් පවසන්නේ එක්සත් ජනපදයේ ජනප්‍රිය වී ඇති පැණි රස කෑම වර්ග ප්‍රදර්ශනවලින් එම අදහස ලබා ගත් බවයි.

තරුණ පරම්පරාවට නවමු අත්දැකීමක් ලබා දීමටත් ජනමාධ්‍ය අවධානය යොමු කර ගැනීමත් අරමුණු කරෙගන මෙය නිර්මාණය කර ඇත.

එමෙන්ම මෙය නිර්මාණය කර ඇත්තේ ජනතාවට නිර්මාණශීලී ඡායාරූප ලබා ගැනීමට අවස්ථා ලබා දීමටයි.

සාඕ පවුලෝ නුවර පිහිටි මෙම ස්වීට් ආර්ට් කෞතුකාගාරය නැරඹීමට ලොකු කුඩා වයස් භේදයකින් තොරව විශාල පිරිසක් පැමිණෙන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නව අදහස දක්වන්න