‘ශිල්ප සේනා ප්‍රදර්ශනය’ අගමැති අතින් අද විවෘත වෙයි | දිනමිණ

‘ශිල්ප සේනා ප්‍රදර්ශනය’ අගමැති අතින් අද විවෘත වෙයි

කමනි අල්විස් සහ චන්දිමා කරුණාරත්න

තාක්ෂණික විප්ලවයක් රට තුළ ඇති කරමින් දළ දේශීය ආදායම ඉහළ නැංවීමට දායකත්වය ලබාදෙන ව්‍යවසායකයන් දැයට දායක කිරී‌ෙම් 'ශිල්ප සේනා ප්‍රදර්ශනය 'අද (18) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත වන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා පැවසීය. නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිත බව සැල කළ ඇමැතිවරයා හෙට (19) දිනයේදී කොළඹ පුරපතිනියත්, අනිද්දා (20) කතානායක කරු ජයසූරිය මහතාත් ශිල්ප සේනා විවෘත කිරීමට සහභාගී වන බව අවධාරණය කෙළේය.

මෙම 21 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශිල්ප සේනා නිමාව දකින බවත් සඳහන් කළ ඇමැතිවරයා බස්නාහිර පළාතේ සැවොම ශිල්ප සේනා සඳහා සහභාගී වන ලෙසට විවෘත ආරාධනයක් කරන ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා ව්‍යවසායක දැනුම ලබාගෙන දිරිමත් ව්‍යවසායකයකු ලෙස වෙළෙඳපොළ අවස්ථාව ලබාගනිමින් ‍තම ආදායම සරු කර ගෙන රට සංවර්ධනයට දායක වන ලෙසටත් ‍ප්‍රජාව වෙත පණිවුඩයක් ලබා දෙමින් ඉල්ලීමක්ද කෙළේය. ශිල්ප සේනා විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය සංවිධානය කරනු ලැබේ.

ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා මෙසේ අදහස් දැක් වූයේ ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. අධීක්ෂණ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක් විය.

නව අදහස දක්වන්න