මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානියා වසර 30ක් සිරගෙට | දිනමිණ

මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානියා වසර 30ක් සිරගෙට

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානී ජෝකියූ එල් චාපෝ ගුස්මන්ට වසර 30 ක සිර දඩුවම් ලබාදීමට අමෙරිකානු අධිකරණය තීන්දු කරයි.
 
62 හැවිරිදි ගුස්මාන් පෙබරවාරි මාසයේ නිව්යෝක්හි ෆෙඩරල් උසාවියක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා 10 කට වැරදිකරු විය.
 
ඔහු 2015 දී උමගක් හරහා මෙක්සිකානු බන්ධනාගාරයකින් පැන ගිය නමුත් පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු 2017 දී එක්සත් ජනපදයට පිටුවහල් කරන ලදී.
 
පසුගිය දිනක නැවතත් සිදුකළ දැවැන්ත මෙහෙයුමකදී බුස්මාන්ව අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු නාවික හමුදාව සමත් විය. ඔහු සමග තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ දස දෙනෙක් අත්අඩංගුවට පත්වූහ.
 
2009 දී ගුස්මාන් ෆෝබ්ස් හි ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට 701 ​​වන ස්ථානයට ද පත්විය.
 
සිනලෝවා කාටල් නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ හිටපු ප්‍රධානිය වන එල් චාපෝ ගුස්මන් අමෙරිකා එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ප්‍රධාන සැපයුම්කරු ලෙස කටයුතු කළේය.

නව අදහස දක්වන්න