‘ග්ලෝරි‘ වෙනුවෙන් කඩිනම් පියවර | දිනමිණ

‘ග්ලෝරි‘ වෙනුවෙන් කඩිනම් පියවර

අයහපත් කාළගුණය හේතුවෙන් ගාල්ල පිටත වරායේ නවතා තිබු නැවක් සුළගට අසුවී නැංගුරම්ද කඩාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසල ගල් පරයක වැදී සිරවී ඇත.
මෙම නැව ගාල්ලේ සිමෙන්ති කම්හලකට අමුද්‍රව්‍ය රැගෙන යන " Sri Lanka Glory " නැව බව වාර්තා වේ.
 
මේවන විට මෙහි ඉන්ධන ටොන් 15කට අධික ප්‍රමාණයක් ඇති බව වාර්තාවන අතර ගල් පරයේ වැදී හානියක් සිදුවුවහොත් මේවා මුහුදට එක්වියහැකි බැවින් ඊට ප්‍රථම අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේවන විටත් මැදිහත් වී සිටී.
 
පවතින සුළං සහිත කාලගුණය මේ සදහා බාධවක් වුවද අවශ්‍ය සියලු පියවර ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,නාවික හමුදාව ඇතුලු ආයතන ගණනාවක් කටයුතු කරමින් සිටී.

නව අදහස දක්වන්න