ශ්‍රී ලාංකික ධීවරයින්ට මාලදිවයිනට ළඟාවීමට අවසර | දිනමිණ


 

ශ්‍රී ලාංකික ධීවරයින්ට මාලදිවයිනට ළඟාවීමට අවසර

(බුද්ධිකා ඉඹුලාන)
 
ධීවර කටයුතු සදහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගිය ශ්‍රීලාංකික බහුදින ධීවර යාත්‍රා 20ක සිටි ධීවරයින් 100කට අධික පිරිසක්,  අයහපත් කාලගුණයට මැදිව මාලදිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ අතරමන්ව සිටියදී මාලදිවයිනට ළඟාවීමට අවසර ලබා දී ඇත.
 
එම යාත්‍රා 20 න් 14 ක් හලාවත ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා මුහුදු ගොස් ඇති අතර තවත් බහුදින ධිවර යාත්‍රා 06 ක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති බවට ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම්  අංශයට වාර්තා වී තිබේ. 
 
ධීවර කටයුතු සදහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගියමෙම ධීවරයින් මෙසේ අතරමන්ව සිටින බව සැලවීමත් සමගම වහාම එම ධිවරයින් ආරක්‍ෂිත ප්‍රදේශයකට යොමුකරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධිවර දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් අනුව මෙසේ එම ධිවරයින්ට මාලදිවයිනට ලගාවීමට අවශ්‍ය අවසරය ලබාදීගැනීමට හැකිවී තිබේ.
 
මෙයට අමතරව ඉන්දියාවෙන් ද එවැනි අවසරයක්ශ්‍රී ලංකික ධීවරයින් වෙනුවෙන්  ලබාගැනීමට කටයුතු කෙරිණ .
 
කාලගුණ අනාවැකි පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම මෙන්ම  ධීවර සෝදිසි අංශ සහ සන්නිවේදන එකක මෙන්ම සියලු ධීවර වරායන් හි සෝදිසි මෙහෙයුම් එකක ද, අවශ්‍ය සහන සැලසීමට හෝ යම් මුදාගැනීමක් සදහා සියලු ධීවර වරායන්   ආවරණය වන පරිදි සහන කණ්ඩායම් සුදානම් කර තබන ලෙසද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් දී තිබේ.
      
ඒ අනුවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස්  මත නැවත දැනුම් දෙන තුරු බස්නාහිර, දකුණ, නිරිත දිග සහ වයඹ ප්‍රදේශවල සිට කිසිදු යාත්‍රාවකට ධිවර කටයුතු සදහා මුහුදු යාමට අවසර නොදීමට ධීවර අමාත්‍යංශය තීරණය කර තිබේ.  මේ පිළිබදව සියලු ධීවර වරායන් සහ සහකාර ධීවර අධ්‍යක්‍ෂවරුන් දැනුවත් කිරීමටද මේ වන විටත් පියවර ගෙන ඇත.
 

නව අදහස දක්වන්න