ප්‍රභූ ආරක්ෂකයින් ගැන විමර්ශනයක් කරන්න | දිනමිණ

ප්‍රභූ ආරක්ෂකයින් ගැන විමර්ශනයක් කරන්න

කොළඹ-නුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහර දුන් ප්‍රභූ ආරක්ෂක ඇඳුමෙන් සැරසුනු පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අද (19) දැනුම් දී තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය වෙතයි.

මාධ්‍ය හරහා මෙම සිදුවීම ප්‍රචාරය වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ ද වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියේය.

එම සිද්ධියට සම්බන්ධවුවන් ගේ තරාතිරම නොබලා පියවර ගන්නා ලෙසයි මෙහිදී ආශු මාරසිංහ මන්ත්‍රිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුනේ.

 


නව අදහස දක්වන්න