ශිල්ප සේනා! | දිනමිණ

ශිල්ප සේනා!

තාක්ෂ­ණය පෙර­මු­ණෙහි තබා­ගෙන ශ්‍රී ලංකාව ඉදි­රි­යට ගෙන යා යුතු යැයි අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මතා කියා තිබේ. තාක්ෂ­ණික අභි­යෝග ජය ගැනීම සඳහා කැප­වී­මෙන් කට­යුතු කළ යුතු යැයි ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි‍ෙස්න මහතා කියා තිබේ. අපේ නාය­ක­යන් මේ අයු­රින් දුර­දක්නා ඥාන­යෙන් යුතුව ක්‍රියා කිරීම හා අද­හස් ප්‍රකාශ කිරීම ඉතා වැද­ගත් ය. මෙයින් කරුණු දෙකක් පැහැ­දිලි වෙයි. පළ­මු­වන කාර­ණය වන්නේ අපේ නාය­ක­යන්ට නූතන ලෝකය ගැන හොඳ වැට­හී­මක් ඇති බව සනාථ වීම ය. දෙවන කාර­ණය වන්නේ අපේ නාය­ක­යන් රටේ අනා­ග­තය ගැනත් තරුණ පර­ම්ප­රාව ගැනත් බල­වත් හැඟී­ම­කින් යුතුව ක්‍රියා කරන බව පෙන්නුම් කිරීම ය.

ලෝකය ජය­ගත හැකි ප්‍රධාන මාර්ගය ඇත්තේ විද්‍යාව හා තාක්ෂ­ණය මත යැයි කිව හැකිය. අස­ල්වැසි ඉන්දි­යා­ව‍ මේ තත්ත්වය වට­හා­ගෙන බොහෝ කල්ය. ඒ අනුව අභ්‍ය­ව­කාශ තර­ණ­යට ද ඉන්දි­යාව එකතු විය. අභ්‍යා­ව­කාශ තර­ණය සම්බ­න්ධ­යෙන් උනන්දු වන රට­වල් හත­රක් ඇත. ඒ අමෙ­රි­කාව, රුසි­යාව, චීනය හා ඉන්දි­යාව යි. මේ රට­වල් හතර ම ලෝකයේ ප්‍රබල රාජ්‍ය­යන් ලෙස සල­කනු ලැබේ. අභ්‍ය­ව­කාශ තර­ණ­යෙන් විද්‍යාවේ හා තාක්ෂ­ණයේ නව අව­ධි­යක් නිර්මා­ණය වී ඇත. ඉන්දි­යාව තව නොබෝ දින­කින් සඳ තර­ණය සඳහා යාන­යක් යවනු ඇත. මෙය දකුණු ආසි­යානු කලා­පයේ ජය­ග්‍ර­හ­ණ­යක් ලෙස ද සැලැ­කිය හැකි ය.

අපේ ඉති­හා­සය ගත­හොත් එය කෘෂි­ක­ර්ම­යට පම­ණක් නො ව; විද්‍යාව හා තාක්ෂ­ණ­යට ද අභි­ව­ර්ධ­න­යක් එකතු කළ කාල පරා­ස­යකි. සීගි­රිය නිර්මා­ණය කිරීමේ දී භාවිත කර ඇති තාක්ෂ­ණය අද­ටත් අප විස්ම­යට පත් කරයි. යෝධ ඇළ නිර්මා­ණය කිරීමේ දී යොදා­ගෙන ඇති තාක්ෂ­ණය නූතන ඉංජි­නේ­රු­වන්ගේ විම­ති­යට කාර­ණ­යෙකි. අපේ ඉදි­කි­රීම් තාක්ෂ­ණයේ මහි­මය ජේත­ව­නා­රා­මය, අභ­ය­ගි­රිය වැනි මහා ස්තූප­ව­ලින් මොන­වට පැහැ­දිලි වෙයි. වාරි තාක්ෂ­ණයේ විස්මිත න්‍යායන් පුරාණ වැව් පද්ධ­ති­යෙන් ඉස්මතු වෙයි. අතීත ශ්‍රී ලංකාව නැව් කර්මා­න්ත­යට පවා නැඹුරු වී සිටි බව ඉති­හා­සයේ කරු­ණු­ව­ලින් පැහැ­දිලි වෙයි.

ලෝකය කෘෂි­කා­ර්මික යුග­යෙන් කාර්මික යුග­යට ගමන් කළේය. ඉනි­ක්බිති කාර්මික යුග­යෙන් තාක්ෂ­ණික යුග­යට ලෝකය ප්‍රවේශ වී ඇත. නූතන තාක්ෂ­ණය නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය ශක්ති­මත් කර ඇති අතර මානව සම්බ­න්ධතා පුළුල් කර ඇත. ඒ අනුව මුළු­ම­හත් ලෝකය ම විශ්ව ගම්මා­න­යක් ලෙස විග්‍රහ කරනු ලැබේ. මේ යුග­යෙන් ආප­ස්සට ගොස් කෘෂි­ක­ර්ම­යෙන් පම­ණක් රට ස්වයං­පෝ­ෂිත කළ හැකි­යැයි කිසි­වකු කියත් ද එය මෝඩ අද­හ­සක් ලෙස ප්‍රති­ක්ෂේප කර­න්නට සිදු­වනු ඇතැ’යි අග­මැ­ති­ව­රයා පෙන්වා දෙයි. එය සම්පූර්ණ සත්‍ය­යෙකි. තාක්ෂ­ණ­යෙන් තොරව රට අඟ­ල­කින් හෝ ඉදි­රි­යට තල්ලු කළ නො හැකි ය.

ලෝක ආර්ථි­කය සමඟ ගනු­දෙනු කිරීම සඳහා නූතන තාක්ෂ­ණය අත්‍ය­වශ්‍ය බව අග­මැ­ති­ව­රයා කියා සිටින්නේ කාල­යක සිට ය. වෙළෙ­ඳ­පොළ ආර්ථි­කය, සාගර ආර්ථි­කය, ප්‍රති-අප­න­යන ආර්ථි­කය, සේවා ආර්ථි­කය යන සෑම ක්ෂේත්‍ර­යක් ම රැඳී ඇත්තේ නූතන තාක්ෂ­ණය මත ය. නූතන තාක්ෂ­ණය යනු තොර­තුරු තාක්ෂ­ණය පම­ණකැ’යි සම­හ­රුන් තුළ මත­යක් පවතී, එහෙත් එය වැරැ­දිය. තොර­තුරු තාක්ෂ­ණය නූතන තාක්ෂ­ණයේ එක් අංශ­යක් පමණි. කෘෂි­ක­ර්ම­යට, වෙළෙ­ඳ­පො­ළට, කාර්මික නිෂ්පා­ද­න­ව­ලට යොදා ගනු ලබන අනන්‍ය තාක්ෂණ විධි­ක්‍රම අන­න්ත­වත් තිබේ. අග­මැ­ති­ව­ර­යාගේ අද­හස වන්නේ ඒවා හඹා ගොස් ලෝකය ජය ගත යුතුය යන්න ය. ඊට අදාළ ප්‍රද­ර්ශ­න­යක් විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශය විසින් මේ දින­වල කොළඹ දී පව­ත්වනු ලැබේ. එය හඳුන්වා ඇත්තේ ‘ශිල්ප සේනා’ යන නමින් ය.

ඉහත ප්‍රද­ර්ශ­නය ලබන ඉරිදා දක්වා පැවැත්වේ. අපේ පාසල් ශිෂ්‍ය ප්‍රජාව මෙන් ම තරුණ පර­පුර ද මෙයින් ප්‍රයෝ­ජන ගත යුතු ය. නවෝ­ත්පා­ද­න­ව­ලට වෙන­දාට වඩා සැලැ­කි­ල්ලක් රජය දක්වයි. පාසල් ශිෂ්‍ය­යන් විසින් නිර්මා­ණය කරන ලද නවෝ­ත්පා­දන ගණ­නා­ව­කට මූල්‍ය පහ­සු­කම් හා උප­දේ­ශන ලබා­දී­මට රජය ඉදි­රි­පත් වී ඇත. ජනා­ධි­ප­ති­ව­රයා මෑතක දී කියා සිටියේ අපේ දරු­වන් නව තාක්ෂ­ණය ජය ගැනීම සඳහා පෙර­මුණ ගත යුතු බව ය. එය අපේ දරු­වන්ට කළ හැකි බව ද, ශ්‍රී ලංකාව කුඩා රාජ්‍ය­යක් වුව දීර්ඝ ඉති­හා­ස­යක් ඇති රටක් බව ද ජනා­ධි­ප­ති­ව­රයා සිහි­පත් කළේ ය. ඓති­හා­සික වශ­යෙන් අපට ඇති ප්‍රෞඪ­ත්වය ආරක්ෂා කිරී­මට නම් අප ලෝකය ජය ගත යුතු ය. එය කළ හැක්කේ තාක්ෂ­ණය සමඟ ඉදි­රි­යට ගමන් කිරී­මෙන් ය.

තාක්ෂ­ණය මිනි­සාගේ චර්යා­වන් වෙනස් කර ඇති බවට ද, මිනිසා සංකර කර ඇති බවට ද මත පළ­වෙයි. මේ අනුව ගමේ සරල කෘෂි­ක­ර්ම­යට යොමු­වී­මෙන් මිනි­සාගේ සංස්කෘ­තිය හා සදා­චා­රය ආරක්ෂා කර ගත හැකිය යන මතය සම­හරු ඉස්මතු කරති. මධ්‍යස්ථ මත­ධා­රීන්ගේ විවේ­ච­න­යට අනුව එය ළිං මැඬි අද­හ­සකි. නූතන ලෝකය තාක්ෂ­ණය ඔස්සේ එකට ගැට ගැසී ඇති අතර හුදෙ­ක­ලාව කිසිඳු රාජ්‍ය­ය­කට දියුණු විය නො හැකි බව සනාථ වී තිබේ. ඉති­හා­සය විම­සන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාව හුදෙ­කලා රාජ්‍ය­යක් නො වන බව ය. ඈත අතී­තයේ දී පවා මිස­රය, ග්‍රීසිය, චීනය, ඉරා­නය වැනි රට­වල් සමඟ ආර්ථික ගනු­දෙනු ශ්‍රී ලංකා­වට තිබුණු බව පැහැ­දි­ලිය. අතී­තයේ දී ද ශ්‍රී ලංකාව ආර්ථික මධ්‍ය­ස්ථා­න­යකි.

ශ්‍රී ලංකාව දිළිඳු රාජ්‍ය­යක් බවට ද අස­මත් රාජ්‍ය­යක් බවට ද ලේබල් කර තිබුණේ අතී­ත­යේදී ය. නූතන ශ්‍රී ලංකාව යනු මැදි ආදා­යම් සහිත ශීඝ්‍ර දියු­ණු­වක් අපේක්ෂා කරන රාජ්‍ය­යකි. අප සතු භෞතික සම්පත් සේ ම මානව සම්පත් ද ලෝකය සමඟ තරඟ කිරී­මට තරම් ශක්ති­මත් ය. මේ බව පාල­ක­යන් පම­ණක් නොව; පාලි­ත­යන් ද වට­හා­ගැ­නීම වැද­ගත් ය. අම­තක නොකළ යුතු කාර­ණය වන්නේ ඊළඟ දසක කිහි­පය තුළ ආසි­යාව ලෝකයේ ප්‍රධාන ආර්ථික කලා­පය වන බව ය.

නව අදහස දක්වන්න