ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන නව සේනංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර | දිනමිණ

ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන නව සේනංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර

ඉන්දික පොල්කො­ටුව

ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන නව සේනංකාධිපති ලෙස මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර මහතා මහනුවර පල්ලේකැලේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී වැඩ භාර ගනු ලැබීය.

මීට පෙර ඒ මහතා 54 වන සේනංකාධිපති ලෙස කටයුතු කළේය. මේජර් ජෙනරාල් තිස්ස නානයක්කාර ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය වෙත මාරු වීමත් සමඟ සෙනරත් බණ්ඩාර මහතා 11 වන සේනංකාධිපති ලෙස පත් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කිර්තිමත් නිලධාරියකු වන ඒ මහතා 1986 දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක් විය. ඉන්දියාව, චීනය සහ පකිස්ථානය වැනි රටවල දී ආරක්ෂක සේවාව පිළිබඳ හදාරා ඇති ඒ මහතා පකිස්ථානයේ දී ආරක්ෂක සේවාව පිළිබඳ උපාධියක් ද හදාරා ඇත. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වන ඒ මහතා එහි දක්ෂ රගර් ක්‍රීඩකයකු, ශිෂ්‍ය භටයකු සහ බාලදක්ෂයකු ලෙස දස්කම් දැක්වීය. රණ වික්‍රම, රණ ශූර, දේශ පුත්‍ර පදක්කම් දිනා ඇති හෙතෙම දශක තුනක ත්‍රස්තවාදී සමයෙහි මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වූ නිලධාරියෙකි.

නව අදහස දක්වන්න