සඳ තර­ණයේ බල තරගය | දිනමිණ

සඳ තර­ණයේ බල තරගය

ධම්මික සෙනෙවිරත්න

සැත­පුම් මිලි­යන ගණ­නක් ගෙවා ආ ගම­නක කෙළ­වර පළමු මිනිස් පා සට­හන සඳ­මත සට­හන් වූයේ හරි­ය­ටම අදින් වසර 50කට පෙර 1969 ජූලි 20 වැනිදා ය. ඒ වම් පා සට­හනේ හිමි­ක­රුවා වූ අභ්‍ය­ව­කා­ශ­ගාමී නීල් ආම්ස්ට්‍රෝං ම කී පරිදි එය මිනි­සකු ට ඉතා කුඩා පිය­ව­රක් වුවද මානව ශිෂ්ටා­චා­රයේ යෝධ පිම්මක් විය. ලෝක­යක් දෑස් හා මුව අයා බලා සිටි­යදී ඉතා සැහැ­ල්ලු­වෙන් සඳ­මත මිනිස් පා සට­හන් සළ­කුණු වුවද ඒ පිටු­පස ඇති දශක ගණ­නා­වක වෙහෙ­ස­කර හා තර­ඟ­කාරී ක්‍රියා­දා­මය සමඟ ඊට විශාල බරක් ද තිබිණි.

අභ්‍ය­ව­කා­ශය ජය ගැනී­මට රුසි­යාව හා අමෙ­රි­කාව යන මහ බල­ව­තුන් දෙදෙනා අතර පැවැති තර­ඟ­යෙන් ඒ වන­වි­ටත් පළමු මිනිසා ලෙස අභ්‍ය­ව­කා­ශ­ගාමී යූරි ගගා­රින් අභ්‍ය­ව­කා­ශ­යට යැවී­මට හා නිරු­ප­ද්‍රි­තව ආපසු ගෙන්වා­ගැ­නී­මට රුසි­යාව සමත්ව සිටියේ ය. 1961 දී පමණ විශේෂ ප්‍රකා­ශ­යක් කළ එවක අමෙ­රිකා ජනා­ධි­පති ජෝන් එෆ් කෙනඩි 60’ දශ­කය අව­ස­න්වී­මට ප්‍රථම අමෙ­රි­කාව පළමු මිනිස් පා සට­හන සඳ­මත තබනු ඇතැයි කියා සිටියේ ය. මේ ප්‍රකා­ශය නාසා විද්‍යා­ඥ­යන්ට අභි­යෝ­ග­යක් වූ සෙයකි. කෙන­ඩිගේ වචන ජනා­ධි­පති රිචඩ් නික්සන්ගේ පාල­නය යටතේ සැබෑ කර­න්නට ඔවුහු සමත් වූහ.

ඇපලෝ මෙහෙයුම

ශිෂ්ටා­චා­ර­යක ගමන් මඟ වෙනස් කරන ඇපලෝ - 11 මෙහෙ­යුමේ තීර­ණා­ත්මක දින කිහි­පය 1969 ජූලි 16 වැනි­දාය. හුස්ටන් හි පිහිටි ජොන්සන් අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­න­යෙන් නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්රින් හා මයි­කල් කොලින්ස් යන අභ්‍ය­ව­කා­ශ­ගා­මීන් රැගත් යානය අහ­සට නැඟුණේ එදා ය. එලෙස දැල් වී තිබුණේ ලොව බල­වත් ම රොක­ට්ටු­වය. නාසා හි සිට අභ්‍ය­ව­කාශ වැඩ­ස­ට­හන දියත් කළ නිල­ධා­රිහු සිය අසුන් මත සිටද ලොව පුරා මිලි­යන සංඛ්‍යා­වක ජන­තා­වක් රූප­වා­හිනී තිර මතද දෑස් දල්වා සිටි­යදී දින 4ක ගම­න­කින් පසු අභ්‍ය­ව­කාශ ගාමීන් රැගත් යානය සඳ­ම­තට ළඟා විය.

සඳ­මත සළ­කුණු වූ සිය පා සට­හන ආම්ස්ට්‍රෝංගේ කැම­රාවේ සට­හන් වෙද්දී ආම්ස්ට්‍රෝං ගේ රූප ඇඳුණේ ඕල්ඩ්රිංගේ කැම­රා­වේය. ඔවුන් මෙහෙ­ය­ව­මින් යානය තුළ වූයේ අඩු අව­ධා­න­ය­කට ලක්වු­වද සුවි­ශේෂී හා භාර­දුර කාර්ය­භා­ර­යක් ඉටු­කළ මයි­කල් කොලින්ස්ය.

රුසි­යා­වට පෙර සඳ­මත පිය­වර තබා අමෙ­රිකා කොඩිය රැඳ­වී­මට මෙම මෙහෙ­යු­මට අමෙ­රි­කාව ඇ.ඩො. බිලි­යන 25ක් වැය කර තිබිණි. අද වටි­නා­කම අනුව එය ඇ.ඩො. බිලි­යන 263 කි. මේ ඉල­ක්කය ජය­ගැ­නී­මට නාසා හි රැකි­යාව ලද 400,000 ක් පිරිමි - ගැහැනු වෙහෙස වූහ. ආම්ස්ට්‍රෝං ඕල්ඩ්රින් හා කොලි­නිස් සඳ­මත රැදුණු පැය 21ක කාලය ඉති­හා­සය අලු­තින් ලියන්නේ මේ සියල්ල කෙළ­ව­රය. තත්ප­ර­ය­කි­නුත් පංගු­වක වෙන­ස­කින් වෙනස්ම අඳුරු කතා­වක් ලියැ­වෙ­න්න­ටද ඉඩ තිබිණි. ඒ වන­වි­ටත් ‘CBS පුවත්’ සේවය මේ අභ්‍ය­ව­කා­ශ­ගා­මීන් තිදෙ­නා­ගේම අභා­ව­යන් පිළි­බඳ මරණ දැන්වීම් සහිත වාර්තා මෙන්ම ජනා­ධි­පති නික්සන්ගේ ශෝක පණි­වි­ඩ­යද නිෂ්පා­ද­නය කර අව­සන්ය. වාස­නා­ව­කට ඒවා ප්‍රචා­රය කිරී­මට සිදු­වූයේ නැත. කෙසේ වුවද , අමෙ­රිකා පළමු ඇපලෝ මෙහෙ­යුමේ අභ්‍ය­ව­කා­ශ­ගා­මීහු තිදෙ­න­කුගේ ඉර­ණම ලියැවී තිබුණේ එලෙස ඛේද­නීය අන්ද­මිනි.

සඳ­මත පළමු මිනිස් පා සට­හන තබා වසර 50 කට පසුව අද මතු එය සැබෑ­වක් නොව මවන ලද්දක් බවට පළ­වන ආන්දෝ­ළ­නා­ත්මක මති­ම­තා­න්තර ගැන වාර්තා වේ. ඉන් ඇතැම් ඒවා ඉදි­රි­පත් වූයේ ප්‍රබල සාක්ෂි ද සහි­ත­වය. නිද­සු­නක් ලෙස ආම්ස්ට්‍රෝංග් ගේ සෙව­ණල්ල ඡායා­රූ­ප­වල සට­හන්ව තිබීම, අමෙ­රිකා ධජය සුළ­ඟට ලෙළ­දීම, තාරකා දක්නට නොති­බීම දැක්විය හැකිය. එම සමස්ත ක්‍රියා­දා­මය මිහි­ම­තදී රූගත කරන ලද්දක් බවට මත පළ විය. මෙම ප්‍රවා­ද­වල ප්‍රධාන මැවු­ම්ක­රු­වකු වන්නේ බිල් කේසින්ග් ය. ඔහු 1956 – 1963 අතර කාල­සී­මාවේ අමෙ­රිකා අභ්‍ය­ව­කාශ වැඩ­ස­ට­හ­නට සම්බ­න්ධව සිටි අයෙකි.

මෑත­කදී බ්‍රිතා­න්‍යයේ සිදු­කළ මත විම­සු­ම­කට අනුව සය දෙන­කු­ගෙන් අයකු සඳ තර­ණය මිථ්‍යා­වක් බව විශ්වාස කරති. 4% ක් සිතා සිටින්නේ එය තනි­ක­රම ප්‍රබ­න්ධ­යක් බවය. 12% එය එසේ විය හැකි බව සිතති. 9% කට පැහැ­දිලි අද­හ­සක් නැත. සඳ­ත­ර­ණය ගැන කුතු­හ­ල­යෙන් යුතු වැඩි දෙනා තරුණ පර­පුරේ අය වීමද සැල­කිය යුතු කාර­ණ­යකි. ඒ ගැන සැක සංකා ඇත්තේ අවු­රුදු 55 ට වැඩි අය­ගෙන් 13% කට පමණි. කේසින්ග් මිය­ගොස් වසර 15ක් පමණ ගතවී ඇතත් තව­මත් ඒ ඔස්සේ සඳ­ත­ර­ණය ප්‍රශ්න කෙරෙ­මින් පවතී. මේ වන­විට එවැනි තර්ක සිය­ල්ලම පාහේ ප්‍රති­තර්ක මෙන්ම පිළි­තු­රුද සැපැයී තිබේ. 1999 දී සිදු කළ ‘ගැලප්’ සමී­ක්ෂ­ණ­යට අනුව අමෙ­රි­කා­නු­ව­න්ගෙන් 6% ක් ද සඳ­ත­ර­ණය මිථ්‍යා­වක් බව විශ්වාස කරති. තවත් 5% කට ඒ ගැන නිශ්චිත අද­හ­සක් නැත.

විවිධ මත

සඳ­ත­ර­ණය රූප­වා­හිනී මැදි­රි­යක් තුළ පටි­ගත කළ මෙහෙ­යු­මක් බවට පළව ඇති මත­වා­ද­ව­ල­ටද පිළි­තුරු සැපයී තිබේ. පළමු සඳ තර­ණය රූගත කෙරී ඇත්තේ තත්ප­ර­ය­කට රූප­රාමු 10ක් පටි­ග­ත­වන SSTV(ස්ලෝස්කෑන් ටෙලි­වි­ෂන්) ක්‍රම­යට විශේ­ෂිත කැම­රා­වක බවද ඉන් පෙන්වා දී ඇත. චිත්‍ර­පට අධ්‍යක්ෂ ස්ටැන්ලි කුබ්රික් මේ පිළි­බඳ විස්ත­රා­ත්ම­කව පැහැ­දිලි කර තිබේ. කුබ්රික් මෙම මිථ්‍යාව සත්‍යක් බව පෙන්වී­මට නාසා විද්‍යා­ඥ­යන්ට උප­කාරී වී ඇති බව විවේ­ච­ක­යන්ගේ අද­හ­සය. ඔවුන් කියා සිටින්නේ සඳ­ත­ර­ණය නාසා විද්‍යා­ඥ­යන් මැවූ ප්‍රබ­න්ධ­යක් බවයි. ආන්දෝ­ල­නා­ත්මක මති මතා­න්තර පළ වුවද එය සත්‍ය වශ­යෙන්ම සිදු වූවක් බව සනාථ කළ හැකි සාක්ෂි නාසා ඇතුළු විද්‍යා­ඥ­ය­න්ගෙන් ඉදි­රි­පත් වී තිබේ.

පැහැදිලි කිරීම

අහසේ තරු දක්නට නොති­බීම ගැන පැහැ­දිලි කරන විද්‍යා­ඥ­යන් පෙන්වා දෙන්නේ ඇත්ත­ටම එහි තරු තිබු­ණද ඒවා නොපෙ­නීම මෙවැනි ප්‍රවා­ද­යක් ඉදි­රි­ප­ත්වී­මට හේතුව බවය. සඳ­මත වාතය නොමැති නම් ධජය සුළ­ඟට ලෙළ­දුන්නේ කෙසේද යන ප්‍රශ්න­යට පිළි­තුරු දෙන ඔවුහු පෙන්වා දෙන්නේ එය රැගෙන ආ ආකා­රය අනුව එහි රැළි සහිත බවක් දිස්වීම ඊට හේතුව බවය.

අභ්‍ය­ව­කා­ශ­ගා­මීහු ආපසු පෘථි­වි­යට ළඟා­වී­මේදී චන්ද්‍ර පාෂාණ කි.ග්‍රෑම්. 382 ක් ද රැගෙන ආහ. එම පාෂාණ වසර ගණ­නා­වක් තිස්සේ රට­වල් ගණ­නා­වක විද්‍යා­ඥ­යන්ගේ පරී­ක්ෂා­වන්ට ලක්විය. ශ්‍රී ලාංකික කීර්ති­මත් විද්‍යා­ඥ­ය­කු­වන මහා­චාර්ය සිරිල් පොන්න­ම්පෙ­රු­මද ඒ අතර සිටී. ඊට ගරු කර­මින් එම පාෂාණ කොට­සක් මෙර­ට­ටද පරි­ත්‍යාග කර තිබේ. එම සියලු විද්‍යා­ත්මක පරී­ක්ෂ­ණ­ව­ලදී එකී පාෂාණ සඳ මතු­පි­ටින් රැගෙන ආ ඒවා බැව් තහ­වුරු විය.

ආම්ස්ට්‍රෝංග් හා ඕල්ඩ්රින්ගේ පා සට­හන් තව­මත් සඳ මත පවතී. ඊට හේතුව එහි සුළං වැනි භෞතික සාධක නොති­බී­මය. 2009 දී සඳ වටා ගමන් කළ නාසා යාන­යක් සියලු ඇපලෝ මෙහෙ­යු­ම්ව­ලදී එම යානා ගොඩ­බට ප්‍රදේශ ඡායා­රූ­ප­යට නැගී­මට සමත් විය. එම සේයා­රූ­වල අභ්‍ය­ව­කාශ ගාමීන්ගේ පා සට­හන් ද දිස්වේ. එම බිම් පෙදෙස් චීන, ඉන්දියා හා ජපාන අභ්‍ය­ව­කාශ යානා මඟින්ද ඡායා­රූ­ප­යට නඟා ඇතැයි වාර්තා වී තිබේ.

අමෙ­රි­කාව හා සෝවි­යට් දේශය අතර පැවැති අභ්‍ය­ව­කාශ තර­ඟය විද්‍යාවේ උන්න­ති­යට හේතු­වන යෝධ පිය­වර තැබී­මට බලපෑ බව පිළි­ගැ­නී­මය. එමෙන්ම දර­ට­ටම ඉන් කීර්ති­යක් ලැබී­මට ද හැකි­විය. මෙම තර­ඟයේ වාර්තා­ගත පිය­වර ගණ­නා­වක්ම වේ. 1957 දී පළමු අන්තර් මහ­ද්වී­පික මිස­යි­ලය එල්ල කිරීම, පළමු කෘත්‍රිම චන්ද්‍රි­කාව ලෙස ස්පුටි­නික් -1 , 1957 දී ගුව­න්ගත වීම එම වස­රේ­දීම ස්පුටි­නික් - 2 යාන­යෙන් ලයිකා බැල්ල අභ්‍ය­ව­කා­ශ­යට යැවීම, පළමු සූර්ය­බල චන්ද්‍රි­කාව අභ්‍ය­ව­කා­ශ­ගත කිරීම, පළමු සන්නි­වේ­දන චන්ද්‍රි­කාව ගුව­න්ගත කිරීම ආදි­යද ඒ අතර තිබේ. අභ්‍ය­ව­කා­ශ­යට පළමු මිනිසා යැවීමේ ගෞර­වය මෙන්ම, පළමු ජීවියා වන ‘ලයිකා’ නම් බැල්ල යැවීමේ වාර්තා­ව­ටද පළමු අභ්‍ය­ව­කා­ශ­ගා­මි­නිය ලෙස වැල­න්ටිනා කෙරෙ­ස්නෝවා යැවීමේ ගෞර­ව­ය­ටද හිමි­කම් කියන්නේ සෝවි­යට් දේශ­යය.

පළ­මු­වෙන්ම මෙම තරඟ බිමට පිවි­සියේ ද සෝවි­යට් දේශ­යයි. ඒ 1957 දී ස්පුටි­නික් අභ්‍ය­ව­කා­ශ­ගත කර­මිනි. අමෙ­රි­කාව “නාසා” ආය­ත­නය පිහි­ට­ව­මින් තර­ග­බි­මට පිවි­සෙන්නේ 1958 දී ය. අභ්‍ය­ව­කාශ තර­ඟ­යත් සමඟ එතෙක් මිහි­මත මිනි­සුන් අතර පැවැති තර­ඟය අභ්‍ය­ව­කා­ශ­ය­ටද අව­තීර්ණ වීම සිදු­විණි. එය ‘පැර­ඩ­යිට විතැ­න්වී­මක්’ ලෙස විචා­ර­කයෝ හඳු­න්වති.

අභ්‍යවකාශ කුණු කඳු

මෙම අභ්‍ය­ව­කාශ වැඩ­ස­ට­හන් මඟින් සිවිල් අව­ශ්‍යතා සපු­රා­ලී­මක් සිදු වූයේ නැත. ඒවා බොහෝ දුරට මිලි­ට­රි­මය සාධක සමඟ සම්බන්ධ වී තිබිණි. මේ ඔස්සේ අභ්‍ය­ව­කා­ශය සුපිරි බල­ව­තුන්ගේ සංග්‍රාම භූමි­යක් නොවිය යුතුය යන අද­හ­සද පෙරට ආවේය. අභ්‍ය­ව­කා­ශ­යට අදාළ ගිවි­සුම් හා සම්මුති හඳු­න්වා­දීම සිදු­වූයේ ද ඒ ඔස්සේ ය. එම­ඟින් පෘථිවි කක්ෂයේ ආයුධ ස්ථාන­ගත කිරීමේ පටන් මිනිස් ජීවිත විනාශ කිරී­මද වළක්වා තිබේ.

සඳ මෙන්ම සෙසු ග්‍රහ­ලෝ­කද භාවිත කළ හැක්කේ සාම­කාමී අව­ශ්‍යතා සඳහා පමණි. ආයුධ අත්හදා බැලීම් වැනි ක්‍රියා සඳහා ඒවා යොදා­ගැ­නීම සපුරා තහ­නම් ය. අමෙ­රි­කාව මෙන්ම සෝවි­යට් දේශ­යද මේ ගිවි­සු­ම්ව­ලට අත්සන් තබා තිබේ.

අමෙ­රි­කාව හා සෝවි­යට් දේශය අතර පැවැති අභ්‍ය­ව­කාශ තර­ගය 1975 දී නිමා­වට පත්විය. ඇපලෝ - සෝයුස් ඒකා­බද්ධ මෙහෙ­යුම යටතේ දෙර­ටේම අභ්‍ය­ව­කා­ශ­ගා­මීහු එකට ගමන් කළ හ. මේ වන­විට මේ දෙර­ටේම සහාය ලබ­මින් ඉන්දි­යා­වද අභ්‍ය­ව­කාශ ගවේ­ෂ­ණයේ ඉදි­රි­යට පැමි­ණෙ­මින් සිටී. ඉන්දීය අභ්‍ය­ව­කාශ පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නය ලොව එවැනි මුල්පෙළේ ආය­ත­න­යකි. ඉන්දි­යා­වට පෙර චීන­යද අභ්‍ය­ව­කාශ තර­ණයේ ඉදිරි පිය­වර තැබූ අතර අභ්‍ය­ව­කා­ශ­ගා­මීන් යැවී­ම­ටද සම­ත්විය. නාසා මෙහෙ­යුම් සමඟ අභ්‍ය­ව­කා­ශ­යට ගිය අභ්‍ය­ව­කා­ශ­ගා­මීන් අතර ඉන්දීය ජාති­ක­යන්ද සිටී.

අභ්‍ය­ව­කාශ තර­ණය හා ගවේ­ෂ­ණය පෙරට යමින් තිබි­යදී අභ්‍ය­ව­කා­ශයේ සුන්බුන් ගොඩ­ගැ­සීම වැනි පාරි­ස­රික කාර­ණාද මේ වන­විට විද්‍යා­ඥ­යන්ගේ අව­ධා­න­යට ලක්ව පවතී. මේ ක්ෂේත්‍රයේ අනා­ගත අභි­යෝ­ගය වනු ඇත්තේ ඒවාට පිළි­යම් යෙදීම ය.


නව අදහස දක්වන්න