ගණිත ගුරුවරයා ඇතුළු 08 ක් රිමාන්ඩ් | දිනමිණ

ගණිත ගුරුවරයා ඇතුළු 08 ක් රිමාන්ඩ්

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට අද පෙරවරුවේ අධිකරණයට බාර වූ ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු‍ 08 දෙනෙක් ලබන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිව් දෙනෙකු සහ අද පෙරවරුවේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවූ අතර ගණිත ආචාර්යවරයා ඇතුළු සිව් දෙනා මෙලෙස ලබන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

මේ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පැමිණි ඩිෆෙන්ඩර් රථයද මහරගම ප්‍රදේශයේ නිවසක තිබියදී පොලීසිය ඊට පසුදා සොයා ගනු ලැබීය.

අද දිනයේ දී අධිකරණයට බාර වී ඇත්තේ වයස අවුරුදු 38 ක් වු දිනේෂ් රුවන් අමරතුංග නැමති ප්‍රාඩෝ රථයේ හිමිකරු, උදම් ඉන්දුල ශ්‍රී සම්පත් නැමති වයස අවුරුදු 38 ක් වු ඩිෆෙන්ඩර් රථයේ අයිතිකරු, වයස අවුරුදු 45 ක් වු එම වාහනයේ ගමන් කර ඇති චාමර දිලුම් කුමාර නැමති පුද්ගලයෙක් හා සහන් අකලංක නැමති වයස අවුරුදු 24 ක් වු ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෝටර් රථයකට ඉඩ ලබානොදුන් බවට පවසමින් ආරක්ෂකයින් කිහිපදෙනෙක් තවත් මෝටර් රථයකට පහරදීමේ සිද්ධියක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එම සිද්ධිය ප්‍රචාරය වීමත් සමඟ පොලීසිය අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

 


නව අදහස දක්වන්න