මහනාම සහ දිසානායකගේ නඩු විභාගයට දින දෙයි | දිනමිණ

මහනාම සහ දිසානායකගේ නඩු විභාගයට දින දෙයි

රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 09 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.
 
මෙම නඩුව අද (22) සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ නඩුව සැප්තැම්බර් මස 09 වැනිදා විභාගයට ගන්නා බවයි.
 
එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස නම් කර සිටින ඉන්දියානු ජාතික ව්‍යාපාරික කේ .නාගරාජ මහතා වෙත අධිකරණය විසින් සිතාසි නිකුත් කරනු ලැබීය. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවට අදාළ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික සාක්ෂි වල පිටපත් විවෘත අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් විත්ති පාර්ශ්වය වෙත ලබා දීමද සිදු කරනු ලැබීය.
 
 

නව අදහස දක්වන්න