ධීවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක් | දිනමිණ

ධීවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක්

(බුද්ධිකා ඉඹුලාන)
 
අයහපත් කාලගුණ තත්වය ලබන 24 දින දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හගවා ඇති බැවින් ධීවර රැකියාව සඳහා යන සියලු ධිවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක් අද(22) සිට ලබාදීමට කටයුතු කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියයි.
 
ධිවර රැකියාව සදහා යන සියලු ධිවරයින් ජිවිත ආරක්‍ෂක කබා පැළඳ සිටීම අනිවාර්ය වීම, ගුවන් විදුලි පණිවිඩ යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබීම අනිවාර්ය වීම, වෙනත් රටවල මුහුදු ප්‍රදේශවලට ඇතුළු වීමෙන් වැලකි සිටිය යුතුවීම, නොදැනුවත්ව හෝ වෙනත් රටක මුහුදු ප්‍රදේශයකට ඇතුලු වුයේ නම් එය දැනගත්  වහාම ආසන්නම  සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය  වෙත කඩිනමින් දැනුම් දීම ,  අත්‍යවශ්‍ය  බෙහෙත් ළග අනිවාර්යයෙන් තබා ගැනීම, සෑම පැය දෙකකට වරක් ගොඩබිම සමග සබදතා පවත්වා ගැනීම  අනිවාර්ය වීම මෙම  උපදෙස් මාලාවට ඇතුලත්ය.
   
එය ධිවර ජනතාවගේ ආරක්‍ෂාව සදහා ඉතාම වැදගත් ,බවත් මෙම උපදෙස් මාලාව පිළිපැදීම අනිවාර්ය බවත් පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිතුමා අවධාරණය කරන්නේ අයපත් කාලගුණ තත්ත්වය හමුවේ මුහුදු යන ධිවරයින්ගේ ජිවිත ආරක්‍ෂාව වෙනුවෙන් මෙම ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවයි.
 
පැවති කාලගුණ තත්වය සහ එම කාලගුණ තත්වයට මැදිව ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ සිට මාලදිවයින වෙත යොමු කල ධිවරයින්ගේ තත්වය සහ ඉදිරි කාලගුණ තත්වය මත ගතයුතු ආරක්‍ෂක ක්‍රමවේද පිලිබදව අදාළ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මෙම උපදෙස් මාලාව නිකුත් කිරීමට සෝදිසි මෙහෙයුම් අංශය කටයුතු යෙදූ බවද රාජ්‍ය ඇමැතිවරයා කියයි.
 
 මේ පිළිබද මාධ්‍යට අදහස් දැක් වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා-අයහපත් කාලගුණ අවදානම තවම තුරන් වෙලා නැහැ . මේ නිසා සියලු ධිවරයින් තවදුරටත් කාලගුණ අනතුරු ඇගවීම් පිළිබද අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම පැවති අයහපත් කාලගුණ තත්වයට මැදිව සිටි බහුදින ධිවර යාත්‍රා සංඛ්‍යාව 20 ක්බව නැවතත් තහවුරු වුනා. මාලදිවයින මුහුදු ප්‍රදේශයට යොමු කළ ඒ යාත්‍රා 20 න් 7 ක් එරට කුරුදුබිහි ධීවර වරායේ තිබෙනවා. තවත් බහුදින යාත්‍රා 12 ක් එරට මුහුදු ප්‍රදේශයේ තියෙනවා. අපිට අද උදේ දැනගන්න ලැබුණා එම බහුදින යාත්‍රා 12 නැවත ලංකාව බලා පිටත්වීමට සුදානම් වනවා කියලා. අපි වහාම උපදෙස් දුන්නා පැවති අවදානම තවම අවසන් නැති නිසා උපදෙස් පිළි පදින්න කියලා .ඊට අමතවර පපුවේ ආබාධයකට ලක් වූ ධිවරයකු සහිත යාත්‍රාවක් අපි මාලදිවයිනට යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළා. වෛද්‍යවරුන්ගේ නිගමය ඔහුට හදවත් රෝගී තත්වයක් නැති බවයි.ඔහුට ගැස්ට්‍රයිටිස් රෝග තත්වය පවතින බව අනාවරණය වුණා. 
       
“ නමුත් මෙම ධීවර යාත්‍රා සංඛ්‍යාව 20 ක් වුවත් එය 44 ක් බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගියා. ඒ නිසා නිරතුරුව නිල තොරතුරු පමණක් විශ්වාස කරන්න. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ පැවති අයහපත් කාලගුණ තත්වය ලබන 24 දක්වා පවතිනව කියලා. ඒ නිසා අපි සියලු ධිවරයින් සදහා මෙම හදිසි උපදෙස් මාලාවක්නිකුත් කළා .යැයිද රාජ්‍ය ඇමැතිවරයා කියයි.
 
 
 
 
   

නව අදහස දක්වන්න