මානිප්පායි සිද්ධියට 'ආවා' කල්ලියේ 03ක් අල්ලයි | දිනමිණ

මානිප්පායි සිද්ධියට 'ආවා' කල්ලියේ 03ක් අල්ලයි

මානිප්පායි පොලිස් වසමේ ඉනුවිල් ප්‍රදේශයේ දී ආවා කල්ලියේ පිරිසක් හා පොලීසිය අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
කෝපායි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (22) සවස 3.30ට පමණ අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරු එදින සවස 6.00ට පමණ මානිප්පායි පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගැනිණ.
 
සැකකරුවන් 18,20 වයස්වල පසුවන යාපනය සහ මානිප්පායි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
 
පසුගිය 20වනද රාත්‍රී 08.40ට පමණ ඉනුවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහරදීමට තියුණු ආයුධ සමඟ ‘ආවා‘ කල්ලියේ පිරිසක් පැමිණ පොලිස් නිලධාරීන් සමඟ ගැටුමක් සිදු කරන ගෙන තිබුණි. එහිදී සිදු වූ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙක් ජීවිතක්ෂයට පත්විය. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(23) දින යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මානිප්පායි පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 

නව අදහස දක්වන්න