තෙරේසා මේ හදිසි රැස්වීමක් කැඳවයි | දිනමිණ

තෙරේසා මේ හදිසි රැස්වීමක් කැඳවයි

බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක් ඉරානය  අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
 
ගල්ෆ් කලාපයේ ඉන්ධන නෞකාවල ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණ වේ. බ්‍රිතාන්‍යයට අයත් සියලුම නෞකා නැවත දැනුම් දෙන තුරු එම කලාපයට යෑමෙන් වළකින ලෙස ද බ්‍රිතාන්‍ය රජය දැනුම් දී තිබේ. 
 
මේ අතර නෞකාවේ දර්ශන ඇතුළත් විඩියෝවක් ඉරාන මාධ්‍යයට නිකුත් කරමින් ඉරානය පවසන්නේ  බ්‍රිතාන්‍ය  නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 23 දෙනා නිරුපද්‍රිතව සිටින බවයි.  

නව අදහස දක්වන්න