පානදුර උතුර පොලිසියේ දී ගිනි අවි අතුරුදන් වීම ගැන විමර්ශන CIDයට | දිනමිණ

පානදුර උතුර පොලිසියේ දී ගිනි අවි අතුරුදන් වීම ගැන විමර්ශන CIDයට

පානදුර, කෙසෙල්වත්ත පොලීසියේ ටී56 ගිනි අවි 2ක් අතුරුදන්වීම ගැන පරීක්ෂණයක් පවත්වෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
 
පසුගිය ජූලි මස 6 වන දින පෙරවරුවේ මෙම ගිනි අවි දෙක අතුරුදන්ව තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.‍
 
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජූලි මස 15 වන දින පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමකට ද ලක්විය. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ මුලික පරීක්ෂණ සිදුකරනු ලැබීය.

නව අදහස දක්වන්න