මධූෂ් හා කංජිපානිගේ සමීපතමයෙක් CCD අත්අඩංගුවට | දිනමිණ


 

මධූෂ් හා කංජිපානිගේ සමීපතමයෙක් CCD අත්අඩංගුවට

අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශයේ(CCD) නිලධාරීන් කණ්ඩායමක් විසින්  සිදු කළ වැටලීමකදී දැනට අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධූෂ්ගේ හා කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 
 
ඊයේ(23) උදෑසන 10.40 ට පමණ මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
මෙම සැකකරු මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු අරුණළු ප්‍රදේශය, කුරුන්ද පාර, දර්ගානගරය යන ලිපිනයේ පදිංචි ලන්තුවාහන්දි සංජීව පුෂ්ප කුමාර නැමැත්තෙකි.
 
සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

නව අදහස දක්වන්න