සමාජ සත්කාරක සේවා රැසක් ඉටුකළ සහන සරණ සමාජසේවා සංගමය | දිනමිණ

සමාජ සත්කාරක සේවා රැසක් ඉටුකළ සහන සරණ සමාජසේවා සංගමය

කළුතර පලාතොට ‘සහන සරණ සමාජසේවා සංගමය සිතට සහනයක් ඇවැසි අය සොයමින් ඔවුන්ට නිති උපකාර කිරීමට සැරසී සිටින සංගමයකි. එහි අධ්‍යක්ෂ එම්. ආරියදාස මහතායි. ඒ මහතා සඳලංකාවෙහි ඉපිද එහිම හැදී වැඩී ජපානයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා භාරකාර දෙපාර්තමේන්තුවට බැඳී රිච්මන්ඩ් කාසල්හි සේවය කරනා අතරතුරේදී 1996 වසරේ ඉතා සුළු පිරිසකගෙන් කළුතර පලාතොට ගම්මානයේ පටන් ගත් මෙම සංගමයේ දැනට යාවජීව සාමාජිකයන් ඇතුළුව සාමාජික පිරිස 80 ක් පමණ වේ. ඔහු පසු පසින් සෙවනැල්ලක් සේ ආරියදාස මහත්මිය මෙන්ම විදේශගතව වැඩිදුර අධ්‍යාපනය ලත් පුතුන් තිදෙනාත් ලේලියත් මෙම කටයුතුවලට උදව් කරති.

මෙම සංගමයේ ළදරු අවස්ථාවේදී එයට අවැසි මුදල් සපයා ගත්තේ සුළු ලොතරුයි පතක් විකිණීමෙන් හා සාමාජික මුදල්වලින් පමණකි. එය එසේ වුවත් මෙහි සාමාජික සාමාජිකාවන් ගේ අප්‍රතිහත ධෛර්යයෙන් ධෛර්යමත් වූ ආරියදාස මහතා ජපානයේ සිටින තම හිතවතුන්ගෙන් මෙරටට රෝද පුටු ගෙන්වා ගන්නා ලදී. එකල ජපන් විශ්ව විද්‍යාල සිසු සිසුවියන් මේවා හදා මෙරටට එවා ඔවුන්ද මෙරටට පැමිණ සංගමයේ සාමාජික සාමාජිකාවන් සමග දුෂ්කර ගම්මානවල ගෙයින් ගෙට ඇවිද ආබාධිතයන් වෙත මෙම පුටු ලබා දුන් අතර මේ සදහා මුල්‍යමය ආධාර ලබා දුන්නේJAPANEESE NATIONAL COUNCIL OF SOCIAL WELFARE (JNCSW) සමාජසේවා ආයතනය මගිනි. මෙම පුටු මෙරටට ගෙන්වීමේදී ජපානයෙන් උසස් අධ්‍යාපනය ලැබූ දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගෙන්ද විශාල සහයෝගයක් ලැබෙන අතර දැනට මෙම සහනසරණ සමාජසේවා සංගමය මගින් දිවයින පුරා ආබාධිත සහෘද ජනතාව වෙනුවෙන් රෝද පුටු 2700ක් පමණ පිරිනමා ඇති බව ආරියදාස මහතා පැවසීය. මොවුන්ගේ ආදර්ශ පාඨය වනුයේ යම් අපහසුතාවයකට පත්වූ ප්‍රජාවට යම් අත්වැලක් වීමය. පලාතොට සහනසරණ සමාජසේවා සංගමය පටන්ගත් දා සිට මේවන තෙක් රජයෙන් කිසිදු ආධාර මුදලක් මේ සඳහා ලබා ගෙන නොමැති අතර රජය මගින් 2014 වර්ෂයේ සුවසේවා අභිමානී සම්මානයත්, 2018 වසරේ සුවසේවා අභිමානී සම්මානයත් මෙම සංගමයට ලැබුණු බව ආරියදාස මහතා පැවසුවේ ඉතාමත් නිහතමානීවය.මෙවර ආරියදාස මහතාගේ අදහස වී තිබුණේ මෙපමණ කලක් රෝදපුටු ලබාදුන් අය අතරින් දිනක් ගතකිරීමට හැකි රෝගීන් 100 දෙනෙකු තෝරාගෙන ඔවුන්ගේ රෝගී තත්ත්වය අමතක කොට යම් මානසික සහනයක් ලබාදීම උදෙසා වැඩසටහනක් පැවැත්වීමය.රෙමුණගොඩ ගංගාරාම විහාරස්ථ අතුරලියේ සෝමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි ඒ සඳහා කළුගං තීරයේ පිහිටි රෙමුණගොඩ සේවා පියස මේ සඳහා තෝරා ගන්නා ලදී.

එම රෝගීන් 100 දෙනාටම තෑගි බෙදා දුන් අතර තවත් රෝගීන් 50 ක් වෙනුවෙන් රෝද පුටු බෙදාදීම මෙහිදී සිදුවිය.

කළුතර දකුණ විශේෂ සුනේත්‍රා වන්නිආරච්චි , මතුගම මධ්‍යම නිමල් වීරසේන

නව අදහස දක්වන්න