ශ්‍රී ලංකාව සංචාරයට වඩාත් සුදුසු රටක් | දිනමිණ

ශ්‍රී ලංකාව සංචාරයට වඩාත් සුදුසු රටක්

පිලිපීන රදගුරු මයිලෝ හර්බර්ට් වර්ගාරා පියතුමා

පාස්කු ප්‍රහාරයෙන් පසුව කෙටි කාලයක් තුළ ශ්‍රීලංකාව සංචාරය සඳහා වඩාත් සුදුසු රටක් බවට පත්ව තිබෙන බව පිලිපීනයේ රෝමානු කතෝලික රදගුරු පදවියේ පූජාප්‍රසාදී මයිලෝ හර්බර්ට් වර්ගාරා ( Mylo Hubert Vergara)පියතුමා පවසයි. ශ්‍රී දළදා මාලිගාවට පෙරේදා (30) පැමිණි අවස්ථාවේ පූජාප්‍රසාදීතුමන් මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් මේබව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට රට සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට

පත්ව ඇති බව දැකගන්නට ලැබුණු බවද මහනුවර සංචාරයට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේය.

දිවයිනේ සිද්ධස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමට තමන් ගිය බවත් එහිදී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව දුටු බවත් උන්වහන්සේ පැවසුවේය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඉතාමත්ම කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම පිළිබඳ තමන් බෙහෙවින්ම සතුටට පත්වන බවත් පාස්කු ප්‍රහාරයෙන් මියගිය වූවන් වෙනුවෙන් සහ තුවාල ලැබුවන් වෙනුවෙන් තමන් දැඩිසේ ශෝක වන බවත් එතුමෝ සඳහන් කළහ.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න