සාම සමුළුවට පැමිණි ආචාර්ය අලිඉසාට කොළඹ නගර සභාවෙන් හරසර | දිනමිණ

සාම සමුළුවට පැමිණි ආචාර්ය අලිඉසාට කොළඹ නගර සභාවෙන් හරසර

සාමය හා සහජීවනය පිළිබඳ ජාතික සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අලිඉසා මහතා කොළඹ මහ නගර සභාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඔහුගේ සංචාරයේදී අවශ්‍ය පහසුකම් සැපයීමට දායකත්වය ලබා දෙන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල් මහතාටද හදෘයාංගම ස්තූතිය පුද කරන බව කොළඹ පුරපතිනිය රෝසී සේනානයක මහත්මිය ප්‍රකාශ කළාය.

පුරපතිනිය විසින් නගර ශාලාව ඉදිරිපිට දී ප්‍රධාන අමුත්තා පිළිගනු ලැබූ අතර අනතුරුව ඔහු එම විහාර මහා දේවී උද්‍යානයේ නා පැළයක් රෝපණය කිරීම කළේය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි, නියෝජ්‍ය පුරපති එම්.ටී.එම්.බක්බාල් , ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක යූ.ඒල්.ටයිටස් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්ද නගර සභාවේ උසස් නිලධාරීන් සහ නිලධාරිනියන්ද කොළඹ සිටින විදේශීය තානාපතාවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මැද කොළඹ සමූහ - ආරියරත්ත ගනේගොඩ

නව අදහස දක්වන්න