ගංගා ඉවුරු රැකබලා ගන්නන් පත් කිරීමේ වැඩපිළිවෙලක් | දිනමිණ

ගංගා ඉවුරු රැකබලා ගන්නන් පත් කිරීමේ වැඩපිළිවෙලක්

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව දියත් කරනු ලබන වෙරළ රැකබලාගන්නන් පත්කිරීමේ වැඩ සටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමත් සමග එම ක්‍රමවේදය ඔස්සේම ගංගා ඉවුරු රැකබලා ගන්නන් පත් කිරීමේ වැඩසටහනක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ආරම්භ කරන ලදී.
 
මෙහි අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම අද (02) සිදුවිය.
 
මේ සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එස්. මෝහනරාජා මහතා,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී බණ්ඩාර මහතා ,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) රෝහණ පෙරේරා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්වූහ.
 
ගංගා පවිත්‍රව තබා ගැනීම සදහා මෙම වැඩපිළිවෙල ඉවහල්වන අතර ඉදිරි සති කිහිපය තුළ මෙම වැඩසටහන ආරම්භ කෙරේ.

නව අදහස දක්වන්න