උතුරු දුම්රිය මාර්ගය නඩත්තු කරන්න කාලය ඇවිත් | දිනමිණ

උතුරු දුම්රිය මාර්ගය නඩත්තු කරන්න කාලය ඇවිත්

දුම්රියන් විශාල ප්‍රමාණයක් ධාවනය වන උතුරු දුම්රිය මාර්ගය නිසි අන්දමින් නඩත්තු කිරීම සඳහා දුම්රිය දෙපාර්තුමේන්තුව කටයුතු නොකරන බව පවසයි.

උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ දිනකට දුම්රිය විශාල ප්‍රමාණයක් ධාවනය වන අතර ඉන් බහුතරයක් මගි දුම්රියයන්ය. ඊට අමතරව ඉන්ධන රැගත් දුම්රියන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියන් කිහිපයක්ම ධාවනය වන අතර ඒවා අනුරාධපුර මැදවච්චිය තලෛයිමන්නාරම වව්නියාව යාපනය කන්කසන්තුරය දක්වා දිනපතා ධාවනයවේ.

පසුගිය කාලය පුරාවට උතුරු දුම්රිය මාර්ගය නිරික්ෂණයට ලක්කර කිසිදු අලුත්වැඩියාවක් හෝ නඩත්තු වක් සිදුනොකිරීම නිසා දුම්රිය මාර්ගය අබලන්වී තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ සොයා බැලීමකදී උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානය හා ප්‍රධාන දුම්රිය ස්ථානය අතර ස්ථාන රැසක සිල්පර කොටන් විනාශවී දුම්රිය පීලි සවිකර තිබෙන යකඩ තහඩු (ප්ලේට්) හා ඇණ ගැලවි ගොස් ඇති අයුරු දක්නට ලැබිණි.

අනුරාධපුර ස්වර්ණ පාලි බාලිකා ජාතික පාසල දෙසට දිවෙන අතුරු මාර්ගය ආසන්නයේ තාවකාලික දුම්රිය නැවතුමක් ඉදිකර තිබෙන අතර ඒ අසල දුම්රිය මග විශාල ලෙස අබලන්ව පවති.බොහෝමයක් සිල්පර කොටන් දිරා ගොස් යකඩ තහඩු හා ඇණ ගැලවී ඇති අතර ඇතැම් ස්ථානවල දුම්රිය පීල්ල සිල්පරයට සම්බන්ධ කිරීමට යොදා ඇති යකඩ තහඩු හා ඇණ කිසිවක් දකින්නටවත් නොමැත.ඒවා කිසියම් පුද්ගලයන් විසින් ගලවා ගෙන ගොස් ඇති බවට සැකකළ හැක.දුම්රිය මාර්ගය නිරික්ෂණයට ලක්කර නිසි පිළියම් කළ යුතුව ඇතැයි ජනතාව පවසති.

අනුරාධපුර මධ්‍යම විශේෂ - බී.එම්.විජේසූරිය

 

නව අදහස දක්වන්න