ලේඛක ශක්තික සත්කුමාරට ඇප | දිනමිණ


 

ලේඛක ශක්තික සත්කුමාරට ඇප

කෙටිකතාවක් රචනා කිරීමෙන් බෞද්ධාගමට අපහාස කළ බවට චෝදනා ලැබූ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ බන්ධනාගාර ගතව සිටි ලේඛක ශක්තික සත්කුමාර ඇපමත මුදාහැරිණ.

ඒ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දරගේ නියෝගයකට අනුවයි.

දින 129ක් බන්ධනාගාර ගතව සිටි සැකකරු වෙනුවෙන් ජනධිපති නීතිඥ එස්.ටී. ජයනාග විසින් කුරුණෑගල මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබිණ.

එය සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කිරීමෙන් අනතුරුව සැකකරු මුදාහරින ලෙස නියම කළාය.

2007 අංක 56 දරණ ජාත්‍යාන්තර සම්මුති පනත යටතේ පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කර තිබූ  බැවින්  ඇප ලබාගැනීම සඳහා සැකකරු  කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ලේඛකයකු හා පුවත්පත්  විශේෂාංග ලිපි රචකයෙකු වන, දෙලංකාගේ සමීර ශක්තික සත්කුමාර (33) නැමැති අයට මෙසේ ඇප නියම කෙරිණ.

සැකකරු ලියූ කෙටිකතාවක් මගින් බෞද්ධ ආගමට අගෞරවයක් වූ බවට බෞද්ධ සංවිධානයක් පොල්ගහවෙල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව, මහෙස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, සැකකරු බන්ධනාගාර ගත කෙරිණ.

 

නව අදහස දක්වන්න