ඌව මෛත්‍රීට - මධ්‍යම කීර්තිට - දකුණ හේමාල්ට | දිනමිණ

ඌව මෛත්‍රීට - මධ්‍යම කීර්තිට - දකුණ හේමාල්ට

පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
 
ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිව්රුම් දෙනු ලැබීය.
 
ජනාධිපති නිල නිවසේදී එම දිවුරුම් දීම සිදුවිය.
 

නව අදහස දක්වන්න