පවුම් පහේ රන්මා­ලය ඉස්සූ සැක­කරු මාට්ටු | දිනමිණ

පවුම් පහේ රන්මා­ලය ඉස්සූ සැක­කරු මාට්ටු

 

රුපියල් ලක්ෂ තුනහමාරක් වටිනා පවුම් පහහමාරක් බරැති රන් මාලයක් සොරකම් කිරිම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ . සිද්ධිය මෙසේය. මාතලේ සිට එනමල්පොත සිය ඥාති නිවෙසකට පැමිණි පවුලක් පැළඳ සිටි රන් මාලය ගලවා එම නිවෙසේ අල්මාරියේ තබා බැහැර ගොස් ඇත.පසුව ඔවුන් යළි නිවෙසට පැමිණ අල්මාරිය සෝදිසි කිරීමේදී එම භාණ්ඩ අස්ථාන ගතවී ඇති බව දැනගන්නට ලැබීමෙන් පසු පසුගිය ජූලි 01 වැනිදා පොලීසියට පැමිණිලි කර ඇත.පොලිස් නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කළ පසු අදාළ නිවෙසේ නිවැසියන් හඳුනන පුද්ගලයෙක් පැමිණ එහි සිටි 16 හැවිරිදි ළමයෙකු රවටා රන් මාලය සොරකම් කර ගිය බව අනාවරණය වී ඇත.

සැකකරු මාසයක පමණ කාලයක් සැගව සිට ඇති අතර පසුගිය 31 වැනි දින ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලීසිය ඔහුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අලවතුගොඩ නගරයේ රන් භාණ්ඩ අලෙවි හලකට සොරකම් කළ මාලය රුපියල් 80,000/=කට අලෙවි කර තිබූ බවයි. අනතුරුව පොලිසිය සැකකරු සමඟ ගොස් එම රන් මාලය අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීයමිතව තිබිණි. සැකකරුගේ අනියම් බිරියද මීට පෙර අදාළ රන් මාලය බැහැර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබිණි.

ගලේවෙල පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පිට පො.සැ.වරුන් වන 5094 රාජරත්න ,19282වනසිංහ 22032 නිශාන්ත, හා පො.කො.54553 දයානන්ද යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී.ගුණතිලක

නව අදහස දක්වන්න