වැල්ලවත්තේ දෙපිරිසක් අතර ගැටුමක් - පොලිසිය ඇතුළු 06කට තුවාල | දිනමිණ

වැල්ලවත්තේ දෙපිරිසක් අතර ගැටුමක් - පොලිසිය ඇතුළු 06කට තුවාල

වැල්ලවත්ත ප්‍රදේශයේ ලක්මුතු සෙවන නිවාස සංකීර්ණයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක පිරිසක් අතර හට ගත් ගැටුමක් පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව සමථයකට පත් කර ඇත.
 
ගැටුම් හෙතුවෙන් එම දෙපාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙක් සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.  
 
ඊයේ(04) රාත්‍රී 10.45ට පමණ මෙම ගැටුම හට ගෙන තිබේ. 
 
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත්ව ඇති වු ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
 
වැල්ලවත්ත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 

නව අදහස දක්වන්න