විස්සයි20 තරගාවලි පජය ඉන්දියාවට | දිනමිණ

විස්සයි20 තරගාවලි පජය ඉන්දියාවට

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මාගේ වේගවත් පිතිහරඹය මතින් ඉනිම ගොඩනැගූ සංචාරක ඉන්දීය පිල පෙරේදා බටහිර ඉන්දීය කොදෙව් පිල සමග ෆ්ලොරිඩා හී පැවැති දෙවැනි විස්සයි20 තරගය ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය අනුව ලකුණු 22කින් ජයගත්තේය. ඒ අනුව තරග 3කින් සමන්විත දෙපිල අතර විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජයගැනීමට ඉන්දීය පිල සමත්විය.

පන්දු 51කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 67ක් රැස් කළ රෝහිත් ෂර්මා ඉන්දීය ඉනිම ඉහළට ඔසවා තැබූ අතර නියමිත ඕවර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 167ක් ලබාගැනීමට ඉන්දියාව සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිල ඕවර 15කුත්, පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 98ක් ලබා සිටියදී වර්ෂාව පතිතවීමෙන් තරගය නතර කිරීමට සිදුවිය. ඒ වනවිට ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය අනුව කොදෙව් පිල ජයග්‍රහණය සඳහා ලකුණු 121ක් ගත යුතුව තිබිණි.

ඉන්දීය පිල - 167/5 (ඕවර 20) රෝහිත් ෂර්මා 67, විරාත් කෝලි 28, ශිකර් ධවාන් 23 (ශෙල්ඩන් කොට්රල් 25/2, ඕෂේන් තෝමස් 27/2)

කොදෙව් පිල - 98/4 (ඕවර 15.3) රොව්මන් පවෙල් 54 (කෘනාල් පාන්ඩ්‍යා 23/2)

නව අදහස දක්වන්න