ප්‍රතිකාර ලබන මාධ්‍යවේදියාට බන්ධනාගාර අධිකාරියෙන් උපකාර | දිනමිණ

ප්‍රතිකාර ලබන මාධ්‍යවේදියාට බන්ධනාගාර අධිකාරියෙන් උපකාර

හදිසි අනතුරකට ලක්ව පාදයක් තුවාලවී ප්‍රතිකාර ලබමින් සිටින මාධ්‍යවේදී සුමතිපාල දියගහගේ මහතාගේ සුවදුක් බැලීමට ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ඒ මහතාගේ නිවසට ගියහ. එහිදී ඒ මහතාගේ ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරය වෙනුවෙන් බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා විසින් ඒ මහතා වෙත මුදල් පරිත්‍යාගයක්ද ක ළේය. මෙම අවස්ථාවට ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර් සරත් ද සිල්වා සහ බන්ධනාගාරයේ මාධ්‍ය ඒකකය භාර ඩී .ජි ලංකා සම්පත් යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වුහ.

සටහන සහ ඡායාරූපය- අහංගම සමුහ

නව අදහස දක්වන්න