ප්‍රජා පහසුකම් ගොඩනැඟිල්ල ජනතා අයිතියට | දිනමිණ

ප්‍රජා පහසුකම් ගොඩනැඟිල්ල ජනතා අයිතියට

වාරියපොල ඉමියන්ගොඩ ප්‍රදේශයේ ‍පිහිටි පොදු සුසාන භූමියට මෙතෙක් අඩුපාඩුවක්ව පැවති ප්‍රජා පහසුකම් ගොඩනැඟිල්ලක් ඉදිකරදීම සඳහා ඉමියන්ගොඩ පදිංචි වාරියපොල දෙවවැදි හත්පත්තුවේ විවාහ හා උපත් මරණ රෙජිස්ට්‍රාර් සාමවිනිසුරු එල්.එච්.එම්.එච්.බී. ලංසකාර මහතා රුපියල් ලක්ෂ 4ක මුදලක් වැය කර ප්‍රජා පහසුකම් ගොඩනැඟිල්ලක් ඉදි කරදී ඇත.

ජනතා අයිතියට පවරාදීමේ සමාජ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.එල්.එච්.එම්.එච්.බී. ලංසකාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය ඉවියන්ගොඩ ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කර තිබිණි.

සටහන සහ ඡායාරූප
වාරියපොල මධ්‍යම සමූහ එච්.එම්. නන්දාවතී පතිරාජ

 

නව අදහස දක්වන්න