යතුරුපැදි උස්සන කල්ලියක 2ක් මාට්ටු | දිනමිණ

යතුරුපැදි උස්සන කල්ලියක 2ක් මාට්ටු

වවුනියාව මහ රෝහලට විවිධ අවශ්‍යතාවන් සඳහා යතුරු පැදි වලින් පැමිණෙන පුද්ගලයන්ගේ යතුරු පැදි කාලයක සිට සොරකම් කරන ලද කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකුව යතුරු පැදි හතරක්ද සමඟ වවුනියාව පොලීසිය විසින් 4 දා අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා වවුනියාව කෝවිල්කුලමේ පදිංචි වයස අවුරුදු 32 සහ 38 යන වයස් වලට අයත් දෙදෙනෙකි.

වවුනියාව මහ රෝහලේ තැන් තැන් වල නවතා තබන යතුරු පැදි සොරා ගෙන ගිය බවට වවුනියාව පොලීසියට පැමිණිලි ගණනාවක්ම ලැබී ඇති අතර සොරකම් කරන ලද යතුරු පැදි වලින් කීපයක් රෝහලේ කාර්ය මණ්ඩලයටද අයත් බවට පැමිණිලි ලැබී තිබේ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න