අගමැති අද පාස්කු තේරීම් කාරක සභාව හමුවේ | දිනමිණ

අගමැති අද පාස්කු තේරීම් කාරක සභාව හමුවේ

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ඇමැතිවරුන් තිදෙනකු අද (6) සාක්ෂි ලබාදීමට නියමිතය.

වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් වි‍ජයවර්ධන මහත්වරුන්ද සාක්ෂි ලබාදීමට නියමිතය. පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව පස්වරු 2.00ට රැස්වීමට නියමිතය. අගමැතිවරයාගේ සාක්ෂි විමසීම පස්වරු 6.00ට සිදුකෙරේ.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර 

 

නව අදහස දක්වන්න