අන්තවාදීන්ට සහය දක්වන්නන් ගැන වාර්තා ලැබුණා | දිනමිණ

අන්තවාදීන්ට සහය දක්වන්නන් ගැන වාර්තා ලැබුණා

අන්තවාදී ඉස්ලාම් සංවිධානවලට සහය දක්වන පිරිස් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයේදී විටින් විට වාර්තා ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද සාක්ෂි දෙමින්.

මේ එහි දී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - 

"කට්ටියක් සිරියාවට ගිහින් ආව බවට තොරතුරු ලැබිලා තිබුණා.

ඒ ගැන හොයන්න බුද්ධි අංශවලට උපදෙස් දුන්නා," 

එහෙත්, ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාවලට යොමුවී සිටි බවට තොරතුරු ලැබී තිබුණේ නැහැ.

2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට තමන්ට ආරක්ෂක කවුන්සිලයට ආරාධනා ලැබුණේ නැහැ.

ඇතැම් තොරතුරු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් ලබා ගත්තා.

පාස්කු ඉරු දින ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාතික හා රාජ්‍ය බුද්ධි සේවා යොමු කළ ලිපි තමන්ට හෝ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට ලැබී තිබුණේ නැහැ." 

"අන්තවාදය තමයි ත්‍රස්තවාදයට යන්නේ. බුද්ධි අංශවලින් ඒ තොරතුරු තමයි දැනුවත් කරන්නේ. අපේ යාන්ත්‍රණය සකස් වෙලා තිබුණේ එල්ටීටීඊ අරගලය සම්බන්ධවයි. ඒක දැන් වෙනස් කළ යුතුයි... බුද්ධි අංශය තවත් ශක්තිමත් කළ යුතුයි,"

"එකක් ඉවර වුණා කියලා මේකෙන් සෑහීමකට පත්වෙන්න බැහැ. දැන් සියලු දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. අපි හිතන්නේ ම නැති අය තමයි ත්‍රස්ත ක්‍රියා කරන්නේ. තනි පුද්ගලයෙකුට පවා පුළුවන් ත්‍රස්ත ක්‍රියා කරන්න. අපි මේවා ගැන අවධානයෙන් හිටියෙ නැත්නම් මේක පිළිකාවක් වගේ පැතිරෙනවා."

"දැන් පන්ති තියන්න ඕන නෑ. අන්තර්ජාලයෙන් පුළුවන් පණිවුඩ ලබා දෙන්න. සහරාන් අන්තර්ජාලයෙන් දෙමළ බසින් මත ඉදිරිපත් කළ නිසා ඒක ඉන්දියාවටත් ප්‍රශ්නයක් වුණා."

නව අදහස දක්වන්න