අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් යටිබේරිය අසළ සිට කිතුල්ගල දක්වා කැලණි ගගේ පැතලි බෝට්ටු පැදීම(water rafting) දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ජල ක්‍රීඩාවක් බවට පත්ව තිබේ. එවැනි සංචාරකයන් සදහා පැතලි බෝට්ටු ඇතුළු අනෙකුත් පහසුකම් සපයන ස්ථාන 40 ක් පමණ අයතන තිබෙන අතර එම සංචාරක සේවක සංඛ්‍යාව 400ක් පමණ වේ.එම සංචාරකයන් හට කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ යටිබේරිය අසළ සිට කැලණි ගංගාව දක්වා කදු බෑවුම පහළට ඉදිකර
තිබෙන කොන්ක්‍රීට් පඩි සහිත මාර්ගයකින් ගමන් කොට එම කදු පාමුලින් ගලා බසිනා ගංගාව දිගේ කිතුල්ගල දක්වා පහළට පැතලි බෝට්ටු පැදීමට සිදුවේ. දිනපතා යටිබේරියේ කැලණි ගංගාවේ පැතලි බෝට්ටු පැදීම සදහා පැමිණෙන අතර ඔවුන් වැඩි වශයෙන් පැමිණෙන්නේ සති අන්තයේය. පසුගිය සති අන්තයේ සංචාරකයන් බොහෝ පිරිසක් එහි පැමිණ කැලණි ගංගාවේ පැතලි බෝට්ටු පදිමින් විනෝද වු අයුරු දක්නට ලැබුණි.
ගිනිගත්හේන විශේෂ ජී.ඒ.ගුණසේන
නව අදහස දක්වන්න