වන අලි කඩා වැදී වගා බිම් වනසලා | දිනමිණ

වන අලි කඩා වැදී වගා බිම් වනසලා

වවුනියාව කනගරායන්කුලම පෙරියකුලම ගම්මානයට 6 දා රාත්‍රී කඩා වැදුණු වන අලි රංචුවක් ගම්වැසියන්ගේ වගා රැසකට හානි සිදුකොට තිබේ.

මේ වන අලි රංචුව ගොවියෙකු විසින් පොල් සංවර්ධන මණ්ඩලයේ ආධාර ඇතිව සිටුවා තිබූ පැල පොල් වගාවක් මුළුමනින්ම විනාශ කොට තිබේ.

රාත්‍රී එකොළහට පමණ පෙරියකුලම් ගම්මානයට පැමිණි වන අලි රංචුව ගම්මානයෙන් ගොස් ඇත්තේ පසුදින අලුයම් කාලයේදීය.

මේ දිනවල පළාතේ කිසිදු ස්ථානයක බීමට ජලය නොමැති නිසා වන අලි රංචු පිටින් ගම් වදින්නට පටන් ගෙන තිබේ.

නිතර නිතර වන අලි රංචු සිය ගම්මානයට පැමිණෙන නිසා ඔවුන්ව පලවා හැරීමට අලි වෙඩි ලබා දෙන ලෙස හෝ එම වන අලි ඈත කැළයට පලවා හැරීමට පියවර ගන්නා ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

 

නව අදහස දක්වන්න