ලෝක සාමය පතුරුවන්න සංගා පොදුරද මඩුල්ලට එක්වෙයි | දිනමිණ

ලෝක සාමය පතුරුවන්න සංගා පොදුරද මඩුල්ලට එක්වෙයි

ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය ආරම්භ කර ඇති නවතම වැඩසටහනේ ප්‍රධානතම කොටස්කරුවෙකු ලෙස කටයුතු කිරීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එක්වී ඇත.
 
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පැවසුවේ ඇය සංගක්කාර සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, “සාමය ප්‍රවර්ධනය කිරිමට ඔහු   පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ කටයුතු කිරීමට කැපවන බවට ප්‍රකාශ කළ බවත්ය.
 
ස්කොට්ලන්ඩ් මහත්මිය ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ කුමාර් සංගක්කාර පොදුරාජ්‍ය මණ්ඩලය සමග එක්ව කටයුතු කිරිම පිළිබඳව ස්තුතිවන්ත වන බවය.
 
මෙම වැඩසටහනේ කොටස්කරුවෙකු වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව සංගක්කාර පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරියට ස්තූතිය පුද කළේය. සාමය ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ කටයුතු කිරීමට කැපවන බවට සංගක්කාර සදහන් කර ඇත. 

නව අදහස දක්වන්න