අයහපත් කාලගුණය නිසා ගුවන් යානා දෙකක් මත්තලට හරවා යැවේ | දිනමිණ

අයහපත් කාලගුණය නිසා ගුවන් යානා දෙකක් මත්තලට හරවා යැවේ

කටුනායක ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට හරවා යවා තිබේ.
 
දෝහා සිට පැමිණි කියු ආර් 662 ගුවන් යානය අළුයම 3.15ට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්සවා ඇති ඇත.
 
එසේම සාජා සිට පැමිණි එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් ජී 9503 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපලට හරවා යවා තිබුනි. යානා දෙකේම කාර්ය මණ්ඩලය සහ මඟීන් පිටතට නොගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා යළිත් කටුනායකට පිටත්කර යවා තිබේ.
 
මේ වනවිට කටුනායක ගුවන් තොටුපල අවට කාලගුණ තත්ත්වය යහපත් අතර ඒ අනූව මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව සදහන් වේ.

නව අදහස දක්වන්න