මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ විද්‍යාර්ථින්ගේ සංගමය අද අරඹයි | දිනමිණ

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ විද්‍යාර්ථින්ගේ සංගමය අද අරඹයි

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පර්යේෂණ හා පුහුණු කටයුතු සංවර්ධනය උදෙසා ස්ථාපිත කර ඇති එකම රාජ්‍ය ආයතනය වේ. ගැසට් නිවේදනයට අනුව ආයතනය සතු බලතල ලෙස ශ්‍රී ලංකාවේ මැණික් ඛණිජ හා එම නිධි පිළිබඳව සමීක්ෂණය කිරීම හා ඊට අදාළ කරුණු පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාත්මක කිරීම / ඒවායේ පිහිටීම / හදුනාගැනීම / මැණික් ගල් අනර්ගිකරණය කරන ක්‍රම / ආයතනයට සම්බන්ධ වෙනත් ක්ෙෂ්ත්‍රවල කටයුතු කිරීම, පතල් කැපීම, මැණික් කැපීම, ස්වර්ණාභරණ නිෂ්පාදනය සහ මැණික් පිරියම් ක්‍රම යන අංශවලට අදාළව කර්මාන්තය සංවර්ධනය සඳහා යන්ත්‍ර සුත්‍ර නිපදවීම සහ තාක්ෂණික උපදෙස් ලබා දීම, මැණික් හඳුනාගැනීම / ගෙවුඩතාප පිරියම් කිරීම, මැණික් කැපීම, මැණික් ගල් අනර්ගීකරණය සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් අංශ සම්බන්ධයෙන් පුහුණු පාඨමාලා පැවැත්වීම, පෙන්වා දීමට පුළුවන.

ආයතනය විසින් සිය පුහුණු කටයුතු දිපව්‍යාප්ත කිරීමේ අරමුණ පෙරදැරීව පුහුණු මධ්‍යස්ථාන 10 ක් පමණ දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාත්මක කරනු ලබයි.

වෘත්තිය පුහුණුව රැකියාවකට අවශ්‍ය නිපුණතාවයන් ලබා දීම අපේක්ෂා කරයි. නිපුණතාවය යනු යම් සම්මත මානයන් හෝ ප්‍රමිතීන් අනුගමනය කරමින් කාර්යයක් කිරීමේ හැකියාව ඇති කිරීමයි. ආයතනය සිය ෙබාහෝ පුහුණු පාඨමාලා හා ඇගයිම්, පුහුණු ලාභින් නිපුණතා මට්ටමට ගෙන ඒමට හැකි අයුරින් සැලසුම් කර ඇත. ජාතික වෘත්තිය සුදුසුකම් NVQ රාමුව යටතේ එක් එක් වෘත්තිය සදහා ජාතික නිපුණතා සම්මතයන් සකස් කරන අතර, ඒ තුළින් වෘත්තිය නිපුණතාවයන් ප්‍රමිතිකරණය කරනු ලබයි.

මෙම ඉලක්කය අනුව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ පුහුණු පාඨමාලා 12 කට ආසන්න ප්‍රමාණයක් ආයතනය විසින් මෙහෙයවනු ලැබේ. එසේම මෙම පාඨමාලාවලට අමතරව ඉල්ලීම මත තනි පුද්ගල හෝ කණ්ඩායම් වශයෙන් කෙටි කාලීන පාඨමාලා සකස් කර ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාවද ආයතනය විසින් සකසා ඇත.

මෙහි එක් මුලික අවස්ථාවක් ලෙස මැණිණ් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව බිහි කරනු ලබන පළමු විද්‍යර්ථින්ගේ එකමුතුවක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු ආයතනය විසින් ආරම්භ කර ඇත. මේ යටතේ ආයතනය ස්ථාපිත කර වසර 24 කාලයක් තුළ පුහුණුව ලබා දී කර්මාන්තයට හඳුන්වා දී  ති විද්‍යාර්ථින්ගේ සංගමයක් පිහිටුවිමටත් එමගින් මෙම ක්ෂේත්‍රයේ සංවර්ධනයටත් අවශ්‍ය පදනම සැකසිමට මුලික අඩිතාලම සකස් කර ඇත. මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදි 2019 අගොස්තු මස 08 වැනි දින විද්‍යාර්ථින්ගේ සංගමයේ සමාරම්භක අවස්ථාව පැවැත්විමට නියමිතය.

නව අදහස දක්වන්න