ශ්‍රී ලංකා නවසීලන්ත තරගාවලියේ ප්‍රවේශපත් නිකුත් වේ | දිනමිණ

ශ්‍රී ලංකා නවසීලන්ත තරගාවලියේ ප්‍රවේශපත් නිකුත් වේ

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ටෙස්ට් සහ විස්සයි20 තරගාවලියේ ප්‍රවේශපත් නිකුත්කර ඇතැයි ක්‍රිකට් ආයතනය පවසයි.

මේ ප්‍රවේශපත් අන්තර්ජාලය හරයා www.srilankacricket.lk යන වෙබ් ලිපිනයෙන් වෙන්කරගත හැකි අතර ක්‍රිකට් මූලස්ථානයෙන් ද මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබේ. පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ක්‍රීඩාංගණයේදී මේ 11 වැනිදා සිට ටිකට්පත් මිලදී ගත හැකි අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි20 තරග සඳහා ප්‍රවේශපත් 27 වැනිදා සිට එම ක්‍රීඩාංගණයේදී මිලදී ගැනීමට හැකිය. ටෙස්ට් තරග ප්‍රවේශපත්‍ර රු.300 සිට 4000 දක්වා අතර මිලකටත්, විස්සයි20 තරගාවලියේ ප්‍රවේශපත්‍ර රු.500 සිට 5000 දක්වා අතර මිලකටයත් ලබාගත හැකිය.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ 14 වැනිදා ආරම්භ වන අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය ලබන මස 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.

නව අදහස දක්වන්න