ගාල්ල බූස්ස හමුදා කඳවුරේ පින්කම් | දිනමිණ

ගාල්ල බූස්ස හමුදා කඳවුරේ පින්කම්

මාතෘ භූමිය රැකගැනීමේ සටනේදී අබාධිත වූ රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය හා මානසික සුවය වැඩි වර්ධනය කිරීමේ අරමුණින් භාවනා වැඩසටහනක් සහ ධර්ම දේශනාවක් පසුගියදා ගාල්ල බූස්ස යුද හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

ආරිය පදනම සහ ශ්‍රී ලංකා කළ්‍යාණ මිත්‍ර සංගමය එක්ව සංවිධාන කළ මේ පින්කම උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.ගායන ශිල්පී දයාන් විතාරණ මහතා මේ අවස්ථාවට සහභාගි වෙමින් දේශාභිමාණී ගීත කිහිපයක්ද ගායනා කිරීම සුවිශේෂී සිද්ධියක් වුණි.

ඡායා-ගාල්ල දිස්ත්‍රික් සමූහ-නන්දසිරි වැලිගමගේ

නව අදහස දක්වන්න