බලපත්‍ර නැතිව ගෙනගිය නැදුන් දැව තොගයක් අත්අඩංගුවට | දිනමිණ

බලපත්‍ර නැතිව ගෙනගිය නැදුන් දැව තොගයක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් ප්‍රවාහනය කළ නැදුන් දැව කොටන් තොගයක් හා එයට සම්බන්ධ පුද්ගලයෙකු මීගහතැන්න පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. ඇලුමිනියම් බොඩිය සහිත ලොරියකින් රුපියල් ලක්‍ෂ දෙක හමාරක් පමණ වටිනා නැදුන් දැව කඳන් 10 බලපත්‍ර නොමැතිව ගුලවිට සිට වැලිපැන්න දෙසට ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. වලල්ලාවිට සහ ගුලවිට ප්‍රදේශවලින් අනවසරයෙන් ගස් කපා දැව ප්‍රවාහනය කරන බවට මීගහතැන්න පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මේ දැව තොගය

සහ සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගහතැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්‍ෂක තරංග සුරේෂ් මාවතගේ සහ උප පොලිස් පරීක්‍ෂක නිලංකා යන නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.

පී.එම්.පත්මසූරිය - අගලවත්ත සමූහ.

නව අදහස දක්වන්න