අලුතෙන් හැදිච්ච කැඩිච්ච පාලම | දිනමිණ

අලුතෙන් හැදිච්ච කැඩිච්ච පාලම

පාදුක්ක, කොටිගංගොඩ පාලම යනු වසර දහයකටත් වඩා වැඩි කාලයක් පුරා අබලන් ව කැඩී බිඳී පැවතුණ පාලමකි. කාලාන්තරයක් පුරාවට මෙම පාලම කැඩී පැවතුණ නිසාම, මෙම ස්ථානය කැඩිච්ච පාලම යන නමින් මිනිසුන් අතර ප්‍රසිද්ධ විය. එම තත්ත්වය මත මෙම පාලම මතින් ගමන් කළ වාහන රැසක් අනතුරට භාජනය වූ අවස්ථාද ඕනෑතරම් තිබුණි.

වසර ගණනක් කැඩී තිබූ මෙම පාලම පසුගිය ජුලි මස 28 වැනිදා පිළිසකර කර වීවෘත කරනු ලැබීය. හොරණ ප්‍රාෙද්ශීය සභාව විසින් ඒ සඳහා මුදල් වෙන් කර තිබුණත් මෙහි සුවිශේෂිම කාරණය වන්නේ මෙම පාලම පිළිසකර කිරීමට ප්‍ර දේශයේම ව්‍යාපරික භවතුන්ගෙන් සහයක් ලැබී තිබීමයි.

පාදුක්ක නැ/හොරගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන දුනිල් දයාතිලක රැටියල මහතා සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතන දෙකක් වන එඩින්බරෝ සමාගම හා ඊ. බී. ක්‍රිෂි ආයතනය, පාලම පිළිසකර කිරීම සඳහා සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහයක් ලබා දී ඇත. මෙම පාලම අබලන් ව පැවතීමෙන් වසර ගණනක්ම දුෂ්කරතාවයට පත් වූ මහජනතාවට පාලම පිළිසකර කරවීම තුළීන් මහත් සහනයක් අත් වූ බව කිව යුතුය. එහෙයින් මෙම පාලම පිළිසකර කර දීමට පරිත්‍යගශීලිව කටයුතු කළ සෑම දෙනාටම මෙහිදී කෘතඥ පූර්වක විය යුතුය.

සමින්ද උදය කුමාර

නව අදහස දක්වන්න