මඩකළපු ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් 2ක් මරුට 2කට බරපතළයි | දිනමිණ

මඩකළපු ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් 2ක් මරුට 2කට බරපතළයි

මඩකළපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේ ඊයේ (11) උදෑසන සිදුවුණු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිත්ක්ෂයටපත්වූ අතර දෙදෙනෙක් බරපතළ තුවාල ලබා මඩකළපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

උත්සව සමය සදහා එරාවුර් සිට කුකුලන් ප්‍රවාහනය කළ කුඩා ප්‍රමාණයේ වාහනයක් ඉදිරියෙන් ගමන් කළ ටිපර් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇත. ඉදිරියෙන් වේගයෙන් ගමන් කළ ටිපර් රථයේ ටයරයේ හුලන් බැසීම නිසා පසුපසින් ගමන් කළ කුඩා වර්ගයේ වාහනය ගැටීම හේතුවෙන් රියදුරු ඇතුළු දෙදනකු ජීවිතක්ෂයට පත්වී දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇත.

අනතුර සිදුවූ ස්ථානය ගිය කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මඩකලපුව සමුහ ටී. එල්. ජව්ෆර්කාන්

නව අදහස දක්වන්න