MAS හෝල්ඩින්ස් ලක්ෂාන් මළල ක්‍රිඩා ශූරතා දිනයි | දිනමිණ

MAS හෝල්ඩින්ස් ලක්ෂාන් මළල ක්‍රිඩා ශූරතා දිනයි

36 වන වෙළදසේවා මළල ක්‍රිඩා ශූරතාවලිය අගෝස්තු මස10, 11දිනයන්හි සුගතදාස ක්‍රිඩාංගණයේදී පැවැත්විනි. මෙම තරගාවලියේ හෙල්ල විසිකිරීම හා කව පෙත්ත විසි කිරීම ඉසව්වලින් පළමු ස්ථානය හිමිකර ගැනීමට MAS හෝල්ඩින්ස්හි සේවය කරන ලක්ෂාන් ප්‍රනාන්දු සමත්වූ අතර,යගුලිය දැමීමේ ඉසව්වෙන්ද දෙවන ස්ථානය දිනාගන්නා ලදී.
 
ලක්ෂාන් ප්‍රනාන්දු MAS හෝල්ඩින්ස් ආයතනයේ විධායක නිලධාරියකු ලෙස සේවය කරන අතර, මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. එමෙන්ම සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ධාරියෙකි. 
 
ඔහු පාසල් සමයේදී මළල ක්‍රීඩා තරගවලදී හෙල්ල විසිකිරීම, යගුලිය දැමීම හාකවපෙත්ත විසි කිරිම යන ක්‍රීඩා ඉසව් වලින් ජයග්‍රහණ රැසක් ලබමින් වාර්තා බිද හෙලා ඇත. සර් ජෝන් ටාබට් කුසලාසනය සදහා පැවැත්වෙන පාඨශාලාන්තර මළල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ලවිසිකිරීම,යගුලිය දැමීම හා කවපෙත්ත විසිකිරිම යන ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ඇති අතර, පාසැල් වර්ණලාභී ක්‍රීඩකයෙකි.
 
ජාත්‍යන්තර තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා තෝරාගත් මොහුට පාසැල් සමයේදී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා වර්ණ ප්‍රධානය කර ඇත. 
 
ඔහු පාසලේදී මළල ක්‍රීඩා වාර්තා බිද දමමින් දක්වන ලද දක්ෂතා හේතුවෙන් 2010 වසරේදී මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ වසරේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනා ඇති අතර, එම වසරේදී පාසලේ මළල ක්‍රීඩා නායකයා ලෙසද කටයුතු කර ඇත. ඔහුගේ විශිෂ්ඨ ක්‍රිඩා කුසලතාවයන් ඇගයීමට ලක් කරමින් මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් පාසල් ක්‍රීඩකයෙකුට ලබාදෙන උසස්ම ප්‍රධානය වන "ජොසපියන්බ්ලූ" සම්මානය එම වසරේදී ඔහුට ප්‍රධානය කර ඇත.
 
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටියදී හෙල්ල විසිකිරීම, යගුලිය දැමීම හා කවපෙත්ත විසි කිරිමයන මළල ක්‍රිඩා ඉසව්වලින් විශේෂ දක්ෂතා දක්වා ඇති අතර, එම වර්ෂ දෙකේදීද විශ්වවිද්‍යාලීය ක්‍රීඩා වර්ණ දිනා ගෙන තිබේ.
 
 
 
 
 

නව අදහස දක්වන්න