දේවකාරියක් වූ පෙරහැර රාජකාරිය | දිනමිණ

දේවකාරියක් වූ පෙරහැර රාජකාරිය

නුතන ලෝක සත්ත්වයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ ඒ ඓතිහාසික සෙකඩගලපුර පෙරහැර මංග්‍යයය ලාංකේය සමාජයේ අභිමානය ලෝකයට කියාපාමින් මේ දිනවල වීදි සංචාරය කරනු ඇත.

දළදා වහන් වෙනුවෙන් පවත්වනු ලබන මෙම මහා මංගල්‍යය අති විචිත්‍රවත් පෙරහැර අංගයන්ගෙන් සමන්විතය.

මෙම පෙරහැර මංගල්‍යය ලාංකේය සමාජයේ සාමුහිකත්වයේ ප්‍රතිමුර්තියයි.

ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනා බැති සිතින් ඒදා රාජ අඥාවක් වූ මෙම පෙරහැර පුජාව අදත් එම සිරිත් ප්‍රකාරව ඉටු කරයි.

අතීත කුල පරපුරින් ම මේ උතුම් සේවටය උරුමකම් කියන පිරිස මෙන්ම අනෙකුත් සියලු සමාජ සංවිධාන හා නිළධාරීන්  වගකිම ඉක්මවාගිය වගවිමකින් මෙම දළදා පුජාවට සහය වේ.

මාලිගාවේ සහ සතර මහා දේවාලවල සියලු දෙනාගේ සාමුකිකත්වයේ පණිවුඩය මේ මහා පෙරහැර මංගල්‍යයයි.

රාජකාරිය දෙවකාරිය හා සමානව කරන මෙම සියලු දෙනා බැතිසිතින් පෙළ ගැසනුයේ අප සතු සකල කලාවන්ගේ උරුමය මතු පරපුරට සම්ප්‍රේශණය කිරීමටය.

තාරුක ගමආරච්චි

මාධ්‍ය ඒකකය- ශ්‍රි දළදා මාලිගාව 


නව අදහස දක්වන්න