සැමට පින්බර පොහොය දිනයක් වේවා | දිනමිණ

සැමට පින්බර පොහොය දිනයක් වේවා

නිකිණි පොහොය - සැමට පින්බර පොහොය දිනයක් වේවා

බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් මුල්කරගනිමින් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
 
ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කරනු ලබයි.
 
අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජගහ නුවරදී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සැලකේ.
 
ආනන්ද හිමියන් රහත් භාවයට පත් වීමල බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් අතර ප්‍රධානයි.
 
මේ නිකිණ පොහොය දිනය වෙනුවෙන් ලේක් හවුස් නව මාධ්‍ය ඒකකය විසින් ඔබ වෙත ගෙන එන විශේෂ තිළිණයකි.

නව අදහස දක්වන්න