ක්‍රීඩාවට දක්ෂ හිමංශා | දිනමිණ

ක්‍රීඩාවට දක්ෂ හිමංශා

මහනුවර ලෙක්ෂිකන් ජාත්‍යන්තර පාසලේ හිමංශා හේරත් නැගී එන මලල ක්‍රීඩිකාවකි. පසුගිය දා පල්ලේකැලේ දී පැවති ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ දී අවුරුදු 15න් පහළ මීටර් 100 තරගයෙන් පළමු පස් දෙනා අතරට තේරී එහි පසුව පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලැබුවාය. හිමංශා හේරත් ලෙක්ෂිකන් ජාත්‍යන්තර පාසලේ පළමු වසරේ සිට අද දක්වා (වයස 15 න් පහළ) දිවීමේ තරග වලදී අපරාජිත ක්‍රීඩිකාවක් බවට පත් ව ඇත. පළමු වසරේ දී මීටර් 25 තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ඇය පසුව එක් එක් වයස සීමාවල පැවැති මීටර් 100 සහ 200 තරග මෙන්ම දුර පැනීමේ තරගයෙන් ද සෑම වර්ෂයකදීම ජය වාර්තා කර ඇත.

පසුගිය දා බෝගම්බර ක්‍රීඩාගාරයේ පැවැති දිස්ත්‍රික්ක සහ පළාත් තරගයේ දී මීටර් 100 තරගයෙන් ඉහළින් දස්කම් පෙන්වූවාය. ඇයගේ පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු මලල ක්‍රීඩක එස්. විතාරණ මහතාය.

මහනුවර ක්‍රීඩා විශේෂ 
උපනන්ද ජයසුන්දර


නව අදහස දක්වන්න