නිල සෙවණ කාර්යාල 14,000ම 2020 වන විට ඉදිකිරීම් අවසන් කරනවා | දිනමිණ

නිල සෙවණ කාර්යාල 14,000ම 2020 වන විට ඉදිකිරීම් අවසන් කරනවා

උදුලා පීරිස්

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වය යටතේ නිල සෙවණ කාර්යාල 14,000ම 2020 වන විට ඉදිකිරීම් අවසන් කරන බවත් මේ වන විට රත්නපුර,මඩකළපුව, කළුතර යාපනය, මුලතිව් ,කිළිනොච්චිය යන දිස්ත්‍රික් වල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිකර අවසන් බවත් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

කුලී පදනම මත වසර 1931 සිට තැනින් තැන පවත්වාගෙන ආ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණින් යුතුව රුපියල් මිලියන 5,583ක වියදමකින් නාරහේන්පිට, ඇල්විටිගල මාවතේ“නිල මැදුර” නමින් ස්ථිර ගොඩනැගිල්ලක් වෙත ගෙන එනු ලැබු බවද ඇමැතිවරයා කීය.මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙසේද කීය.

ගම් මට්ටමින් ග්‍රාමසේවා වසම් වල පුටුවක්වත් නොමැති අවස්ථාවක 2015 නොවැම්බර් 15 අප රජය බලයට පත්වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා ජාතික සැලැස්මක් හදන්න මට භාර දුන්නා. ඒ සැලැස්මෙන් 500%ක් මේ වන විට සිදුකර අවසන්කර තියෙනවා.

“රටේ මහජනතාවට වඩා සේවාවක් කිරීමට ඇති දිස්ත්‍රික් පරිපාලනය වන දිසාපති කාර්යාල 25 නව ගොඩනැඟිලි ඉදිවෙමින් පවතිනවා. අවසානයටම ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නව දිසාපති කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම් ආරම්භ කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ ලක්ෂ 23ක ජනගහනයක්. ග්‍රාම නිලධාරී වසම් 1310ක් තියෙනවා. දිසාපති කාර්යාලය ස්ථාන 7ක තියෙන්නේ.

පොළොන්නරුව දිස්ත්‍රිකයේත් තත්ත්වය එළෙසමයි. එහි දිසාපති කාර්යාල ගොඩනැගිල්ල බිලියන 1.7ක් වියදමකින් ඉදිකරනවා. රත්නපුර, මාතලේ දිසාපති කාර්යාල ගොඩනැඟිලි බිලියන 1ක වියදමකින් ඉදිකර අවසන් කර තියෙනවා. මඩකළපුව දිසාපති කාර්යාලයේ වැඩකටයුතු අවසන් වෙමින් පවතිනවා. අපේ රජය යටතේ දිසාපති කාර්යාල 25 අංග සම්පූර්ණ ලෙස ඉදිකරනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332න් 210ක් පමණ නව ගොඩනැඟිලි ඉදිකර අවසන් වෙමින් පවතිනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11යි. එයින් 8ක වැඩකටයුතු අවසන් කිරීමට නියමිතයි. එයට අමතරව ගමේ පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා නිල සෙවණ කාර්යාල 14,000ම ඉදිකරනවා. සමහරු අහනවා පුළුවන්ද කියලා. ඔව් පුළුවන්.

අවුරුදු 25කට පසු ලක්ෂ 6කට සමෘද්ධිය ලබාදුන්නේ වත්මන් රජයයි. පසුගිය සතියේදී උපාධිධාරීන් 16,000කට පත්වීම් ලබාදීමට කටයුතු කළා. මෙවන් යුගයක් නිදහසින් පසු තිබුණා කියා මම සිතන්නේ නැහැ. රටේ වරින්වර ඇති වූ ප්‍රශ්න ගණනාවක් සමඟ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වය මේ සඳහා ශක්තිමත්ව මුහුණ දුන්නා.

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව දෙමහල් ගොඩනැඟිල්ල රුපියල් ලක්ෂ 220ක වියදමින් ඉදිකර ඇති අතර සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව දෙමහල් ගොඩනැඟිල්ල රුපියල් ලක්ෂ 380ක වියදමින් ඉදිකර තිබෙනවා.බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව දෙමහල් ගොඩනැඟිල්ල රුපියල් ලක්ෂ 220ක වියදමින් ඉදිකර ඇති අතර සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව දෙමහල් ගොඩනැඟිල්ල රුපියල් ලක්ෂ 380ක වියදමින් ඉදිකර අවසන් කර තියෙනවා.

මේ වන විට ප්‍රාදේශිය ලේකම් කාර්යාල 332න් 280ක වැඩ අවසන් කර තියෙනවා. 2000 වසරේ අවසන් වන විට මගේ අමාත්‍යාංශ මගින් වැඩ අවසන් කළ ව්‍යාපෘති එක දවසින් විවෘත කරන්න කටයුතු කරනවා.

උතුරු පළාතේ සැලසුම් නැති කොට්ඨාස 8ක හතලිස් වසරක් තිස්සේ නොවිසිදුණු ප්‍රශ්ණ රනිල් වික්‍රමසිංහ මහතගේ පක්ෂ නායකත්වය යටතේ විසදමින් යනවා. ඒ ප්‍රශ්න ජාතිවාදී ස්වරූපයෙන් නොව ශ්‍රී ලාංකික ස්වභාවයෙන් කරගෙන යන බවද ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.


නව අදහස දක්වන්න