පක්ෂ නායකයාගේ තීරණයට එකගව වැඩ කරනවා | දිනමිණ


 

පක්ෂ නායකයාගේ තීරණයට එකගව වැඩ කරනවා

විජයානි එදිරිසිංහ

ජනාධිපතිධූරයට එක්සත් ජාතික පක්ෂයෙන් කවුරුන් අපේක්ෂකත්වයට පත් කළත් තම පක්ෂ නායකයාගේ තීරණයට එකඟ වී සහයෝගය දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි

2010 වසරේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයෙන් ලබා ගත් ජයග්‍රහණය පොදු පෙරමුණු ආණ්ඩුව මඟින් උදුරා නොගත්තා නම් මේ වන විට රට කවුරුත් බලාපොරොත්තු නොවු ඉතාමත් දියුණු තැනක තිබෙන්නට ඉඩ තිබුණ බව සරත් ෆොන්සේකා මහතා පවසයි. එහෙත් නැවතත් ඒ තත්ත්වය ගොඩනැඟීම අපහසු නැති බව ෆොන්සේකා මහතා පවසයි. රටේ ජාතික ආරක්ෂාව ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් මාධ්‍ය හමුවක් ඊයේ පැවැත් වු අවස්ථාවේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එම අදහස් පළ කෙළේය.

පසුගිය පාස්කු ඉරිදා සිදු වු ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබෙනවා . හරියට බැලුවහොත් මෙසේ ඇති වු ආරක්ෂක තත්ත්වය තවමත් හරියට පහව ගොස් නැහැ. එම ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්කි විමසන කමිටුව හමුවේ හෙළිදරව් වු කරුණු වලට අනුව මෙම ත්‍රස්ත සංවිධානයේ පුහුණුව ලැබු පිරිස අතරින් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටිනවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලන විට මෙම ත්‍රස්ත නායකයා සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන ඉතාමත් පහසුවෙන් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ කඩ තිබුණ නමුත් මෙම ප්‍රහාරය සිදු වන තෙක්ම වගකිව යුතු පිරිස මේ ගැන සොයා බැලීම මග හැර තිබුණ බවත් පවසන සරත් ෆොන්සේකා මහතා වගකිව යුතු පිරිසගේ දුර්වල තැන් සොයා ගෙන ත්‍රස්තයා සිය ඉලක්කය ජයග්‍රහණය කළ බවද කියයි.

නව අදහස දක්වන්න