අගමැති දින 3ක් උතුරේ නිල සංචාරයක | දිනමිණ

අගමැති දින 3ක් උතුරේ නිල සංචාරයක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) සිට මෙම 16දා දක්වා යාපනයේ තෙදින නිල සංචාරයක නිරත වෙයි.

වවුනියාව දිස්ත්‍රික් රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම හා වකුගඩු නිවාරණ ඒකකයට මුල්ගල තැබීමට අගමැතිවරයා අද සහභාගී වෙයි.

මයිලඩි ධීවර වරාය විවෘත කිරීම, මයිලඩි උතුරු ප්‍රදේශයේ අවතැන්වූවන් සඳහා ඉදි කරන ලද නිවාස විවෘත කිරීම, තිරුකන්වලී කෘෂි මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල විවෘත කිරීම, කෘෂි උපකරණ බෙදාදීම, අල ගොවීන් සමඟ සාකච්ඡා කිරීම, ගුරු නගර් ධීවර වරායේ දැල් සැකසුම් මධ්‍යස්ථානයට මුල්ගල තැබීම, චාවකච්චේරිය මූලික රෝහලේ මානසික සුවසේවා මධ්‍යස්ථානය විවෘත කිරීම, නල්ලුර් නාග විහාරයේ ආගමික කටයුතු සඳහා අගමැතිවරයා හෙට (15) දින සහභාගී වේ. අනිද්දා (16) යාපනය නගරයේ ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වීම, කරවෙඩ්ඩි නිවාස යෝජනා ක්‍රමය උඩුප්පිඩ්ඩි සන්තුරෙයි ප්‍රදේශයේ විවෘත කිරීම යනාදිය අගමැතිවරයාගේ තෙදින නිල සංචාරය තුළ සිදු වෙයි.

නව අදහස දක්වන්න